Sunday, May 11, 2014

රළක් වෙරලකට කී කවිය




ඈත ඉදන් මම ආවේ ඔබ හා එක් වෙන්නයි
හඬ නැගුවේ පෙණ නැගුවේ ඔබ හට ලං වෙන්නයි
අසුරු සැනින් අප හමුවී යලි වෙන්වී යනවයි
ඔබ හා ඉන්නට මට පෙර පින් මදි බව සත්තයි

මගෙ පෙණ කැටි ගෙනෑන මුතු ඔබහට පලදන්නම්
සඳ එළියට දිදුලන වැලි තල මම සිප ගන්නම්
ඈත ඉඳන් උනත් නුඹට මම සෙනෙහස දෙන්නම්
කවදා හෝ ඔබ ලය මත වැතිරී මිය යන්නම්

දහස් වරක් ඔබ සතුවී මම යලි මියැදෙනවා
ඔබේ සුසුම් කඳුළු බිංදු මම පිසදාලනවා
හැම රැයේම ඔබ හා මම රහසේ එක වෙනවා
මගේ කඳුළු සඟවා මම හැමදා හිනැහෙනවා