tag:blogger.com,1999:blog-4486323428872370332024-03-13T13:26:49.617-07:00තටු ලැබුනු ගෙම්බෙක්ගෙ හඬ| Voice of Flying Frogතටු ලැබුනු ගෙම්බෙක්ට පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙන ජීවිතය |
How Flying Frog Watching, Hear Feel and Think the WorldAnonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-448632342887237033.post-91016974421959803172014-08-15T07:22:00.003-07:002014-08-15T07:22:44.257-07:00කුරුල්ලන්ට පියාඹන්න

දොරවල් මම විවර කළා

කොයි කොයි අත ඉගිල ගියත්

ඉතින් කමක් නෑ

ආයෙත් මේ කූඩුව තුළ උඹලට ඉඩ නෑ

ඇවිත් ඉඳින් එලි පත්තෙන්

කෑ ගහපන් මහ සද්දෙන්

කුරුල්ලනේ ඒ කූඩුව යලි ඇරෙන්නේ නෑ

පරණ වෙච්ච කුරුල්ලන්ට

අලුත් කූඩුවක් මොකටද

හිතූ තැනක නතර වෙන්න

උන්ට බයක් නෑ

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-62544323108106824142014-07-03T02:36:00.000-07:002014-07-03T02:40:27.888-07:00ඔබයි මගෙ හිරු මහද පොබ කල

පායන්නට කාලය යි

අරා පෙරදිග අහස

විලේ මල් පුබුදුවන
කුරුළු ගී ඇහැරවන
පිනි බිංදු ඇද හැලෙන
මේ උදේ කාලයයි

එහෙත් කුමකට ද?

නෙළුම් මල් වගේ මගෙ සිනහ නැහැ පිබිදුනේ
කුරුළු ගී වගේ මගෙ ගීත හඬ නෑසුනේ
පිනි බිංදු වගේ මුතු කඳුලු බිඳු බේරුනේ

නොකියාම නොපෙනීම කොහෙද අද නුඹ ගියේ

නැගී කුමට එළිය දෙමිද?
ඔබ නොපෙනෙන ලෝකයකට
ඔබ නැතිනම් මට කුමටද
දනෝ පුදන සෙනෙහස් මල්
අඳුරු වලා තිර කඩකින්
වසා ගනිමි මගේ මුහුණ
ඔබ එනතුරු හඬා වැටෙමි
මුවා වෙලා වැහි කුලකට

ලොවට හිරු වෙමි ලොවක් එලි කළ
ඔබයි මගෙ හිරු මහද පොබ කල
දිනය ගෙන එමි මිටින් ගෙන මම
ඔබම වෙයි මගෙ දිනය පියසඳ

ඡායාරූපය- සුපූර්ණි විමලසේන

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-58840900299281725302014-07-02T05:34:00.000-07:002014-07-02T05:34:52.567-07:00නුඹ මගෙ සඳවතහැඩට වැඩට හැඳ

සුවඳ කපුරු ඉස

නැලවි නැලවි යන

පින්බර පිය ලඳ

සියුමැලි තොල් මත

ලාවට තැවරුන

මල් පෙති පැහයට

මැදිවුන මුතු පෙල

හිමිදිරි උදයට

විලමත සුපිපුන

නෙලුමක ලස්සන

සිනහව පිරි ඔබ

බොරු ඔපයට තැන

නොමදී කිසිවිට

හිත තුල යහගුණ

වඩන ඒ සුර ලඳ

ලඟ නැති විටකද

පහනක් විලසට

සිත තුළ දැල්වෙන

නුඹ මගෙ සඳවත

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-78058742142054892722014-06-12T08:00:00.000-07:002014-06-12T08:00:33.128-07:00මගෙ ලෝකය වෙලා ඉන්නහැකිනම් වහින්න

වැස්සක් වී ඔබ

තෙමී තෙමී ඉන්නම්

හැකිනම් නගන්න

මේඝ ගර්ජනා

මම ඉවසා ඉන්නම්

හැකිනම් නැගෙන්න

වියරු රළක් වී

මම ඔබ හා එන්නම්

හැකිනම් උදුරා

රැගෙන යන්න මග

හුස්මත් මම දෙන්නම්

පාළු සීත රෑ යාමේ

මට කවි සීපද කියන්

දුකින් හඬන විටදි මගේ

කඳුලු බිංදු පිසින්

දුක් කරදර සතුටු සිනා

මතකය පොදි බැඳන්

මා තනිකොට ඉවත නොයා

මගෙ ලඟ නුඹ ඉඳින්

නිවන් දකින තුරා

සසර සරන තුරා

දුකත් සැපත් දරා

මගේ ලඟට වෙලා

මගෙ ලෝකය වෙලා

රැඳෙන්න ඔබ සදා

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-35136829266541828772014-05-11T08:09:00.000-07:002014-05-11T08:16:35.105-07:00රළක් වෙරලකට කී කවිය

ඈත ඉදන් මම ආවේ ඔබ හා එක් වෙන්නයි

හඬ නැගුවේ පෙණ නැගුවේ ඔබ හට ලං වෙන්නයි

අසුරු සැනින් අප හමුවී යලි වෙන්වී යනවයි

ඔබ හා ඉන්නට මට පෙර පින් මදි බව සත්තයි

මගෙ පෙණ කැටි ගෙනෑන මුතු ඔබහට පලදන්නම්

සඳ එළියට දිදුලන වැලි තල මම සිප ගන්නම්

ඈත ඉඳන් උනත් නුඹට මම සෙනෙහස දෙන්නම්

කවදා හෝ ඔබ ලය මත වැතිරී මිය යන්නම්

දහස් වරක් ඔබ සතුවී මම යලි මියැදෙනවා

ඔබේ සුසුම් කඳුළු බිංදු මම පිසදාලනවා

හැම රැයේම ඔබ හා මම රහසේ එක වෙනවා

මගේ කඳුළු සඟවා මම හැමදා හිනැහෙනවා

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-78722278345991243022014-04-28T23:21:00.000-07:002014-04-28T23:43:57.453-07:00අභිනිෂ්ක්‍රමණය කල සිද්ධාර්ථට යශෝදරා ලියූ කවි

සෙනෙහෙන් හිස අත ගාමින් ලඟ උන්න
මුදු බස් තෙපලමින් ඔබෙ ගුණ ගී හඬ දුන්න
සිරියහම ඇත වී අමු සොහොනක්ව
වැතිරී නිදමි මම එහි මළ මිනියක්ව

කිරිසුවදැති මුව ඉහලට විදාලා
නෑසෙන බසින් පුතු මගේ කන් සිසාරා
හඬදී අසයි කොහිදැයි ඔබ කියාලා
සුළඟක වෙලී හෝ එනු මා සොයාලා

නොහැකිය හිමියනේ මට පුතු හැර එන්න
විදිනා කටුක දිවිමග ඔබ හා යන්න
නොහැකිය ඔබට මෙන් කම්පා නොම වෙන්න
ඔබහට පිදූ පෙම ඇත මට සැනසෙන්න

දුවවිත් දිනෙක මගෙ පා මුල වැටීලා
තෙමමින් දෙනෙත් කඳුලින් හිස ඔබාලා
කිසිදා නැවත තනි නොකරමි කියාලා
පවසනු ඉතින් ඔබෙ හිමි මම කියාලා

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-20004335290989794812014-04-22T23:04:00.002-07:002014-04-22T23:05:07.431-07:00අපි කපා ගන්නා අපේ වල

තාක්ෂණය ඉතා වේගයෙන් ස්වභාවික ලෝකයත්, ස්වභාවික මිනිස් හැසිරීම් රටාවත් වෙනස් කරමින් ගමන් කරයි. මිනිසාට, තමා මිහිතලය මත වෙසෙන සතෙක් නොවන වග පසක් වන තරමටම තාක්ෂණය ඔහුව වෙනස් කර ඇත. අවශ්‍යතාවල වල අන්තයක් මීනිසාට නොපෙනෙන තරමටම මිනිස් අවශ්‍යතා සංකීරණ වී ඇත. එසේම වැඩ පහසු කර ගැනීමේ අන්තයක් සොයා ගැනීමට බැරි වන තරමට මිනිසා තම වැඩ කටයුතු පහසු කර ගැනීමට යත්න දරයි. මේවායේ අවසාම ප්රථිඵලය, මිනිසා සතුටු කිරීමට සහ ඔහුගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට, සියලු ජීවීන් සඳහා පවතින සම්පත් තනි ජීවී විශේෂයක් අණසකට නතු වීමයි. එහෙත් සොබා දහම කිසිදු නිර්මාණයක, රටක, ජාතියක,ජීවී විශෙෂයක සීමා මායිම් නොතකා තමාගේ ගතික ස්වභාවය පවත්වාගෙන යයි. මෙම සමතුලිතතාවය බිඳුනු පසු එය නැවත සකස් කිරීම සඳහා මුග්ධ මිනිස් ප්‍රජාව දරන කිසිදු උපක්‍රමයක් ඔහුගේ පැවැතමට හේතු නොවනු ඇත.

ලෝකයේ කවර රටක් වුවද වර්තමානයේ මෙහෙයවනු ලබන්නේ දේශපාලනයට වඩා ආර්ථිකය විසිනි. මිනිසා විසින් තමාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමටත් වඩා මුදල් ඉප්යීමටත්, මුදල් ගබඩා කොට වත්කම් තර කර ගැනීමටත් පෙලඹීම පුදුම සහගතය. රටවල් තවත් රටක් දෙසට දිගුකරන දෑතත්, දිගු කරන අවියත් යන දෙකම මෙම මුදල් මත පදනම් වීම ඇති අතර වර්තමානයේ රටවල් අතර පවතින විවිද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලටද යුද ගැටුම් වලටද හේතු වී ඇත.

වර්තමානයේ රටවල් අතර පවතින විවිද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලටද යුද ගැටුම් වලද නොපෙනෙන බලවේගය වන්නේ මුදලයි.

මිනිසා ස්වභාවික ලෝකය සමග මුදලින් ගනුදෙනු නොකරන නමුත්, ස්වභාවික ලෝකයෙන් තම අසීමිත ආශාවන් සපුරා ගැනීමට භාවිත කරන සියලුම ස්වභාවික ලෝකයේ දායාදයන් මුදලින් තක්සේරු කරයි.එසේම ඒ සඳහා තම වර්ගය මරා දැමීමත්, මුලා කිරීමත් සිදු කරයි.

දේශපාලනය මුදල් ඉපයීම සඳහා අවියක් ලෙස යොදා ගනිමින්, මිනිසා විසින් මිනිසා මතම හෙලනු ලබන විනාශයේ අන්ධකාරය, ඒ සඳහා වග කිව යුතු සහ ඒ පිළිබඳව කිසිවක් නොදන්නා අසරණ ජීවීන් රාශියකටද විනාශය ගෙන එනු ඇත. සාමූහයක් වශයෙන් මිනිසා තාක්ෂණයේ ආශ්චර්යය බෙදා ගනිමින් සුවය ලැබූවද, ස්වභාවිකත්වයෙන් ඈත්වීමෙන් මිනිසා ලබන ප්‍රථිඵල බෙදා ගැනීමට ඔහුට නොහැකි වනු ඇත.වර්තමානයේ අප කිසියම් පීඩාවකින් සිටීනම් එය අපගේ වර්ගය විසින්ම ඇති කර ගත්තක් විනා පිට සක්වලකින් හෙලනු ලැබූ නරකක් නොවේ. අප සැබැවින්ම අපගේ අතිශය පීඩාකාරී අනාගතය තනමින් සිටී. එයට අකමැත්තෙන් වුවද දායක වී සිටීමට ගෙම්බාටද සිදුවී ඇත.

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-76596912581859786702014-04-22T22:18:00.001-07:002014-04-22T22:25:52.797-07:00එතෙක් ඔබ ලඟ ඉන්න

තව ටිකයි

සමුගන්න

එතෙක් ඔබ මෙහි ඉන්න

කාටවත් නොපෙනෙන්න

ඔබ සිනා නංවන්න

ඇස් වලින් කතා කර

මට සතුට ගෙන එන්න

කාටවත් ඇහෙන්නැති

ලෙසින් ගී මුමුනන්න

අයෙමත් නෙත් යොමා

හොරෙන් ඔබ හිනැහෙන්න

රහසෙන්ම ඔබ එන්න

මගෙ සිහින වල ඉන්න

මගෙ ලගින් සැතපෙන්න

මගේ දෙව් දුව වෙන්න

නික්ම යන තෙක් ඉතින්

මෙලෙස ඔබ ලඟ ඉන්න

මද සිනා නන්වන්න

නෙත් වලින් හිනැහෙන්න

වෙනවෙලා යන දිනෙක

හෙමින් මට නෑසෙන්න

ආදරෙයි කියා මට

නික්මිලා ඔබ යන්න

ලඟ උනත් දුර වගේ...දුර උනත් ලඟ වගේ

ලඟ ඉන්න ඔබ මගේ...සුවඳ දෙන මල වගේ

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-80132608797439592462014-04-21T10:14:00.000-07:002014-04-21T10:14:19.133-07:00ඔබ ආවා සියලු දොරවල් විවර කරගෙන

බලා උන්නා මම ගොඩක් කල්

හෙමින් හෙමින් අඩි තිය තිය

ඔබ ආවා ඈත ඉදන්

හැම අතින්ම විදුලි අකුණු

මහා මේඝ පුපුර පුපුර

කල්ප අන්ත මහා මේඝ

අතර මැදින් ඔබ ආවා

වියලි දෙපා පැලී හඬන

පොළව දැවී ගිනියම් වුණ

පිපාසිතව මිය යන මේ

කතර මැදින් ඔබ ආවා

සිනා සලන

හඬා වැටෙන

සහසක් වග වලසුන් මැද

තනිවී හිඳ බොහෝ කලක්

හෙමින් හෙමින් ඔබ ආවා

කාම රාගයෙන් තෙත්වුන

ද්වේශ වේගයෙන් රත් වුන

මෝහ මාලිගාවල සිඳ බිඳ

මගේ ලොවට ඔබ ආව

යලිත් නොයන

ලෙසට මෙතන

මාත් සමඟ නතර වෙන්න

සංසාරේ ඉතුරු ටිකත්

මාත් එක්ක එකට යන්න

ගොඩක් මතක පොදි බැදගෙන

ඔබ ආවා මගෙ හෙවණට

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-19138664157465829482014-03-01T05:54:00.000-08:002014-03-01T05:54:13.841-08:00පහනට වැඩිය මෙරුඅඳුර ඉරාගෙන

සතුට හොයාගෙන

ඇදී ඇදී යන

නව ජීවිත

එළිය දමාගෙන

ලොවම දවාගෙන

නැගී නැගී එන

ගින්දර

නැගී

නැගී

රඟ දිදී ඉඳී

වෙලී වෙලී ගත

(___________) දවා නිමී යයි

හිනා වෙවී රඟ දුන්

සතුට සොයා ආ

නව ජීවිත

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-24313568206418579872014-02-21T07:01:00.002-08:002014-02-21T07:01:43.632-08:00මකා දමා නික්ම යන්නතැබූ සියලු පා සටහන්

සිතුවිලි වැලි තලාවේ

මකා දමා නික්ම යන්න

මගේ ලෝකයෙන්

ඈත එපිට ක්ෂිතිජ ඉමේ

හිරු මුහුදේ ගිලී ගොසින්

අඳුරට ඉඩදී මිය යන

හැන්දෑවේ

මෑත සුමුදු වෙරළ කොනේ

රළ පිට රළ මතුව ඇවිත්

සියලු සිහින මකා දමන

හැන්දෑවේ

හිරුත් සමග අදුරෙ වෙලී

මම තනිවම මිය යන්නම්

රළත් සමග දියෙහි ගිලී

මම මතකෙන් දුරු වෙන්නම්

හෙමෙන් හෙමින් පා ඔසවා

මතකය අරගෙන ඔබගේ

නිකම යන්න මා තනිකර

ඔබ පතනා හෙට දවසට

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-45583554160811786872014-02-18T07:21:00.000-08:002014-02-21T07:22:00.739-08:00ප්‍රථම ප්රේමයසිහිනෙකට

ඇවිත් නුඹ

හෙමින් සක්මන් කරයි

මගේ සිතුවිලි අතර

එහෙත් මගෙ හිත කොනක

නතර වී එක තැනක

බලා හිඳිනා ප්‍රථම

ආදරේ ඔබ නොවෙයි

අතීතේ යම් දිනෙක

නාඳුනන මලකට

පෙම් කලෙමි රහසින්ම

ලොවටත් ඔබටත් රහසින්ම

අයිති නොවනා වගත්

නොලැබෙනා මුත් ආදරය බිඳක් වත්

දැන දැනම

පෙම් කලෙමි

සුවඳ විඳිමින් මම

ලස්සන මලකට

පිය නඟා ඔබ හෙමින් ඇවිත් මඟෙ සිහිනයට

ඉවත යන්නට කියයි මගෙ ප්‍රථම ප්‍රේමයට

එහෙත් මුල් ඇදී නැඟි මහ වන්ස්පතියෙක් ලෙසට

ප්‍රථම ආලය හිඳී හිත් කොනක සදහටමAnonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-36211877385661196512014-02-14T07:11:00.000-08:002014-02-21T07:12:06.886-08:00මටම අහිමි සෙනෙහෙ වැස්සහිරු අවුලයි දස දෙසම

වෙහෙස දැනෙයි මග දිගට

හැරී බලමි මම නැවත

ඔබ ඇත සිතිවිලි අතර

වෙහෙස දැනී ගිමන් හරින

ගිනියම් වූ විරාමයක

මද පවනක් විලස පැමිණ

නිවා දමයි මගේ වෙහෙස

පවස දැනී දැවෙන විටෙක

දිය පොදකුත් අසල නොමැත

මහා අසනි වැස්ස විලස

ඔබ පැමිණෙයි මගේ සිතට

තනිකම විත් වෙලෙනා විට

දහසක් මනු සත් කැල මැද

ඔබ ඇවිදින් මගේ ලගට

වෙලා ගනියි මා රහසෙම

ගිමන් නිවන සුළන් රැල්ල

පවස නිවන අසනි වැස්ස

තනිය මකන සිහින වැස්ස

මටම අහිමි සෙනෙහෙ වැස්සAnonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-33062533624676793212014-02-08T07:17:00.000-08:002014-02-21T07:18:01.586-08:00සිරිපා කරුණාවේ.... කඳුලක් නැගුනාවේ

යාළු මිත්‍රකම් ජීවිතයකට අවශ්‍ය වටිනා මිනිස් සම්බන්ධතාවක්. සමහර විට අපේ ජීවිත වල ගෙදර අය නොදන්න දේවල් නොකියන දේවල් යාළුවන්ට කියනවා (අනික් අය මම දන්නේ නෑ මටනම් එහෙම තියෙනවා)

ඉතින් මගේ හොඳ යාළුවෙක් එක්ක මම සිරීපාදෙ යන්න හිටියා. ඒත් යාළුවා සිරීපදේ ගියා, මට යන්න බැරි වුනා. මට මේ ගැන හරිම කනගාටුවක් ඇති වුනා. යාළුව එක්ක මම තරහ වුනේ නෑ. මම මේ ගැන හිතන කොට ලොකු කණගාටුවක් ඇති වුනා, ඒ ආව ආවේගෙට මම කවි පංතියක් ලිව්වා.

සැප දුක දෙකේදිම නොහැරම මම උන්නා

නුඹේ දුකට මගෙ දෑසත් තෙත් වෙන්නා

හදවත නැගුනු ගින්දර බෑ වාවන්ටා

සකිසඳ මා අතැර මහගිරි දඹ යන්නා

මගෙන් නොදැනිවත් වරදක් උනාදෝ

පෙර පින් මදිව මා අමතක උනාදෝ

අත්වැල ලිහී මග වැරදී ගියාදෝ

සිරිපා පියුම ලඟ නුඹ තනි වුනාදෝ

කන්ද උඩින් ඉර සිරිපා වඳින කොට

පෙරදිග අහසෙ නැගෙනා සුදු වලා මැද

නෙක පාටින් හැඩ වැඩ කර අහස මත

මගෙ දුක් ගීය බලපන් හිමිදිරියෙ හෙට

තරහක් නැතත් කඳුලක් නෙතඟින් එබුනා

සීතල සුළඟ මැද මට තනිකම දැනුනා

දෑතම එකතු කර ගමනට සුභ පැතවා

නුඹ හා සමඟ කරුණාවට පින් පැතුවා

නැගෙන හිරින් ඉර සේවය කරනවද

සමනලයෝ මුනි සිරිපා වදිනවද

සිහිල් වලා මත තනිකම දැනෙනවද

මා සිහිකර නුඹ සිරිපා වදිනවද

නැගෙනහිරින් ඉර සේවය කරන කොට

සමනල තටු වලින් සිරිපා වැහෙන කොට

පතුලට හිස තබා බුදු පා වදින කොට

මාවත් සිහි කරපන් සකිසඳුනි හෙට

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-39624399471679224182014-02-04T23:25:00.002-08:002014-02-04T23:25:44.476-08:00කවුද ඡන්දෙ ඉල්ලන්නේ?

දේශපාලනය කරන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන එක පිළිබ්ඳව කාට උනත් පැහැදිළි අවබෝදයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. මට උනත් එහෙම අවබෝධයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. නමුත් ඕනම ක්ෂේත්රයක යෙදෙන්න නම් (සාර්ථකව සහ ඵලදායීව යෙදෙන්න ) ඒ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනීමක් අවශ්‍යයි කියලනම් මම දන්නවා. මේ දැනීම කියන එකෙන් මම අදහස් කළේ පොත් කට පාඩම් කරල ගත්ත උපාධියක් නෙමෙයි, සමහර විට කාලයක් තිස්සේ පොත පත කියවලා, දක්ෂ නමක් දිනා ගත්ත පිරිසක් යටතේ වැඩ කරලා උනත් යම් ක්ෂේත්රයක දැනීමක් ලබා ගන්න පුළුවන්. ලංකාවෙ කලා කරුවන් බොහෝම දෙනෙක් ඒ සම්බන්දව ගත්ත උපාධියක් නැති උනත් මම කිව්ව දෙවනි ක්‍රමයෙන් ක්ෂේත්රයේ නමක් රදව ගත්ත අය.

මුල් කාලයේදී (මම අදහස් කරන්නේ නිදහස ලබා ගත්ත මුල් කාලේ ) දේශපාලනය කලේ ඒ සම්බන්දව යමක් කමක් දන්න කියන ඉගෙන ගත්ත උගත් පිරිසක්. හැබැයි ඔවුන් කරපු වැරැද්ද තමයි ඒ කාලේ බිහි කරපු උන්ගේ පැටව් ටිකට මේ ශික්ෂණය හරිහැටි කියා නොදුන්න එක. අන්න ඒ වැරැද්ද නිසා ඊට පස්සේ බිහිවුන දේශපාලඥයන් ජනතාවගෙන් බැනුම් අහන, හොඳක් කලත් නරකක් කලත් නරකටම පේන පිරිසක් බවට පත් වුනා. නිදහස් ආර්ථිකයත් එක්ක සල්ලි පස්සෙ දුවන සමාජයේ ලොකුම මැරයො, දූෂිතයෝ, අපරාධ කාරයො, වංචාකාරයො, ස්ත්‍රී දූෂකයෝ,කලු කඩ මුදලාලිලා, පරිසර විනාශයේ පෙරගමන්කරුවො, සංස්කෘතික සෝදාපලුවේ දිය දහරාව වුනේ මේ කියන දේශපාලඥයො තමයි. ඒ විතරක් නෙමෙයි, සත් ගුණවත් දායකයා, පින්වත් උපාසකයා, සුදු රෙදි අඳින චරිතවත් නායකයා, දේශප්‍රේමියා, සංස්කෘතික පරමාදර්ශය, පරිසරයේ ආරකෂක, ජනහිතකාමී නායකයා කියන චරිතයක් හිමි උනේ මේ දේශපාලඥයන්ටම තමයි.

ජනතා පරමාදිපත්‍ය කිව්වට ඒක දැකපු කෙනෙක් ඉන්නවයි කියල මම හිතන්නේ නෑ. ඒත් එකෙන් මේ දේශපාලඥයන් මෙල්ල කර ගන්න පුළුවන් කියල මම හිතනවා. මිනිස්සු මේ දේශපාලඥයන්ගේ හොඳ නරක සේරම දැන ගෙනත් අයෙ අයෙත් එකම හරක් රැළක් පත් කර ගන්නේ අපේ මිනිස්සුගේ සාක්ෂරතාව වැඩි හින්දයි කියලා මම හිතන්නේ.

විවිධ අංශ වලින් වෘත්තීය දකශතා සහිත පුද්ගලයෝ, එම වෘත්තියේ ඉහලටම ගියහම, නැත්නම් නමක් හදා ගත්තාහම දේශපාලනේට එන එක දැන් මෝස්තරයක් වෙලා. මේක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ වෙනත් රටවල් වල උනත් දකින්න හම්බෙන ප්රවනතාවයක් වෙලා. මම කියන්නේ නෑ මේක වැරදියි කියලා. මෙහෙම ඇවිත් සාර්ථක දේශපාලන ගමනක් යන මිනිස්සු නැත්තෙමත් නෑ. ඒත් මිනිස්සු මේක දකින විදිහෙ මොකක් හරි අවුලක් තියනවා.

උදාහරණ්යක් විදිහට ලංකාවේ නම ගිය වන්චාකාරයෙක්(පිරිමි කෙනෙක් ) ඡන්දේ ඉල්ලුවා තමන්ගේ උපන් ගමවත් නොවන දිස්ත්‍රික්කෙකින්. මිනිහට දිස්ත්රික්කෙන් මුල් තැනක් එක්ක පාර්ලිමේන්තුවටත් ගියා. ඒත් චිත්‍රපට නිලියක් ඡන්දෙට ගියහම එයගේ රඟපෑම් ගැන තමයි මිනිස්සු කතා කරන්නේ. අඩු ගානේ මේකි රඟපාපු චිත්‍රපටියවත් දැකල නෑ, දැකල තියෙන්නේත් පොඩි පොඩි කෑලි ටිකක් විතරයි, අනික රඟ පෑම ගැන කතා කරන්නේ ඡන්දෙට ඉල්ලපු නිසා. රගපාන කාලෙවත් මේ නිළියෝ ගැන කතාකරපු පන්ඩිත් උතුමන්වහන්සේලා ඡන්දෙට ඉල්ලුවහම නිළියන්ගේ රඟ පෑම, ඇඳුම් පැලඳුම්, සම්බන්දතා ගැන කතා කරනවා. මම හිතන්නේ අපි මෙතනදි පහර ගහන්න ඕන ඔවට නෙමෙයි, මම මුලින් කිව්ව වගේ දේශපාලනයේ මොවුන්ගේ තියන් හැදෑරීමේ දිග පළලටයි අපි පහර ගහන්න ඕන. එහෙම නැත්නම් තියෙන අලයක් තම්බගෙන කාල, පෙරසේ ගොඩක් හිනාවෙන මී හරක් රැලක් මේ පාරත් පත් කර ගන්න කතිර 3ක්ම ගහන්න පුළුවන්.

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com2tag:blogger.com,1999:blog-448632342887237033.post-42953822425480230152014-01-29T07:20:00.000-08:002014-02-21T07:21:08.174-08:00මගෙ සෙනෙහස ඔබ

ලඟම සිටින

සිනහ සලන

කතා කරන

සුවඳ විදින

මට හිමි නැති

මගෙ සෙනෙහස

සයුරේ දුර නිසල තැනක

බෙලි කටුවක් තුළ සැඟවුණ

සැපට නිදන මුතු ඇටයක්

කිසිවෙකු හට අයිති නොවුන

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-13039996644898358892014-01-25T07:54:00.002-08:002014-02-06T05:13:35.572-08:00කඩුපුල් මල් කුමාරියේ

ලක්ෂ්මන් අය්යා මේ කඩුපුල් මලේ රූපය එකේ දාල තිබුනා. අය්යගේ මේ වගේ රූප වලට මම කවියක් දානව කියල අය්යා දන්න නිසා මේ රූපය මට කරලා තිබුනා. මගේ හිතට එක පාරටම ආව කවි සිතුවිලි ටික තමයි මේ. මේ ටික දානකම් ඉන්න කියලා අය්යට කිව්වහම අය්ය කන්නෙත් නැතුව හිටියා මම කවි ටික දානකම්. යාළුවො කියන්නේ හරිම පුදුම මානව බැදීමක්. කඩුපුල් මල් රහසෙම පිපිලා, සුවඳ දීල, පරවෙලා යනවා. එත් යාළුවො දුරස් වෙනව, ඈත් වෙනවා, තරහ වෙනවා, ඒත් මිතුරු සුවඳ කවදාවත් හිත් වලින් පර නොවී, දුරස් නොවී, සුවඳ දෙනවා, ජීවිතයම සුවඳ කරනවා.

රහසෙම ලොවට කළුවර මැද පිපිලා
සුර ලොව ඇති යහනක සුව මවාලා
ලොව පිබිදෙන විට මල් පෙති හලාලා
මිය යනවද මටවත් හිමි නොවීලා

දවල් සරන බඹරුන්ගේ ගී නාද
නොවීද ඔබහට කිසිකලෙකත් හාද
හිරු දෙවිදුන් ඔබ හට දොස් කිව්වාද
මටත් හොරෙන් ඔබ මුකුලිත වෙනවාද

පිනි වරුසා මැද සොඳසේ පිපෙන්න මල් කුමාරියේ
රැය සරසා සඳ එලියේ දිලෙන්න ඔබ කුමාරියේ
ඇස පිනවා හිත සනසා සුවදෙනු රෑ කුමාරියේ
මගේ මළදා මගේ තනියය පිපෙන්න ඔබ කුමාරියේ

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-53452114033467318262014-01-14T07:28:00.000-08:002014-02-21T07:28:24.252-08:00ඔබ ගොසින්

තනිකම ඉකි බිදී ලඟ හිද

කඳුලැලි ඉගි මරයි නෙත ලඟ

ඔබ ගොසින් දුරක නොපෙනෙන

ඔබ ගොසින් නොයෙන ගමනක

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-78834093245219039142014-01-07T07:25:00.000-08:002014-02-21T07:25:22.107-08:00සිනහව කඳුල කුමටද දිවි තිබෙන තුරුවිටෙක දුකින් වැලපෙන විට-සිනහ කැලුම් දළු ලන විට

සිහියට නොනැගේ කිසිවිට-යායුතු දුර තව කොපමන

සසර නිමක් දකිනා තුරු

කඳුලුම උරුමයි අපහට......සිනහව උරුමයි අපහට

නැත කිසිවිට පැන යාමක් ......මේ කිසිවක් හැර යාමක්

හොඳද නරක සිතුවිලි කර පොදි බැදලා

උස් මිටිකම් ඇති නැති කම් හැර දමලා

සිව් රියනක් දිගු කුටියක කය දමලා

යමු දෙව්ලොව සිව්මහ නරකය සොයලා

පෙර පින් ඇති-අය නම් වෙති

සැප වලදති-සැපට මැරෙති

දුකම දකින- දුකම විදින

දුක වලදන- දුකින් මැරෙන

පෙර පව් ඇති-දනෝ සිටිති

සැප වලඳා සැපට මැරෙති

දුක වලඳා දුකට මැරෙති

දුක වලඳා සැපට මැරෙති

සැප වලඳා දුකින් මැරෙති

කොහොම උණත් සැවොම මැරෙති

ගමනේ නම් නිමක් නොමැති

තමන් තුලින් ආලෝකය දකින.....................තුරු

සදහම් සෙවණ යට මේ සිත නිවෙන.............තුරු

ගොරතර සසර බිය දැක දුක නිවන...............තුරු

සිනහව කඳුල කුමටද දිවි තිබෙන.................තුරු

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-87520650033078335242013-12-30T07:13:00.000-08:002014-02-21T07:13:42.120-08:00නොහැක හැරයන්න

නොහැක හැර යන්න මට<o:p></o:p>

නොහැක යන්න මට<o:p></o:p>

නොහැක මට<o:p></o:p>

නොහැක<o:p></o:p>

ඔබට ආදරේ කරන්න<o:p></o:p>

ඔබට ආදරේ<o:p></o:p>

ඔබට<o:p></o:p>

නොහැක

හැර

යන්න

ඔබට

ආදරේ

කරන්න

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-15945121124339180092013-12-25T20:23:00.001-08:002013-12-25T20:23:09.830-08:00Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: ශිශ්නයට හෙටක් | A tomorrow for the penisTaboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: ශිශ්නයට හෙටක් | A tomorrow for the penis: එතෙක් මෙතෙක් සිංහල සිනමාවෙහි, ලාංකීය (සිංහල?) තරුණයාගේ ඛේදවාචකය තථ්‍යාකාරයෙන් නිරූපිත විශිෂ්ටතම සිනමා කෘතිය ධර්මසේන පතිරාජයන්ගේ ‘අහස් ග...Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-66943655051769127492013-12-25T20:18:00.001-08:002013-12-25T20:18:24.541-08:00Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: නාසරෙත්හි යේසුස් දෙස නිරුවත් ඇසෙකින් බැලීම | Jesus...Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා: නාසරෙත්හි යේසුස් දෙස නිරුවත් ඇසෙකින් බැලීම | Jesus...: ලේඛකයා කෙදිනක හෝ කිතුණුවකු නොවීය. ඔහු බයිබලය මුළුමනින්ම වාගේ කියවා ඇති මුත් ඒ එහි අපූර්ව සාහිත්‍ය රසය පිණිස මිස ආගමිකාර්ථයකින් නොවේ. යේසු...Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-26918651222278964242013-12-21T08:49:00.000-08:002014-02-06T05:14:02.375-08:00මිනිසුන්, දෙවියන් සහ මිනිසුන්

මිනිසා මිහිමත වාසය කරන තවත් එක සත්ව කොටසක් බව අමතක වන තරමට මිනිසා නිරුවත් ලෝකයෙන් ඈත් වෙමින් යයි. මෙතනදි මම නිරුවත් ලෝකය කිව්වේ ස්වභාව ධර්මයට. මොකද මිනිහා හැර වෙන කිසිම සතෙක් නිරුවත ප්‍රශ්නයක් කර නොගෙන නිදහසේ ඉන්න නිසා. ලෝකයේ ඉන්න මුලු සත්ව වර්ග වලින් මිනිසා තරම් මිහිතලය යටත් කර ගත්ත වෙනත් සත්ව විශේෂයක් ඉතිහාසයේ හිටියද කියන්න මම දන්නේ නෑ (සමහර විට ඩයිනෝසරස් මිනිහාවගේ ලෝකයේ ආදිපත්‍ය පතුරවන් ඉන්න ඇති, ඒත් උන් වඳවෙලා නිසා මිනිසා තරම් ලොක්කෙක් වෙන්න නැතුව ඇති කියල ගෙම්බට හිතනවා)

කොහොම උනත් වර්ග කීපයක් මිනිස්සු හිටියත් අනිතිමට පැවැත්මක් තිබ්බේ Homo sapiens sapiens කියන විශේෂයට විතරයි. ඒ කියන්නේ අද ජීවත් වෙලා ඉන්න මිනිසුන් වර්ගයට.

මේකා මුල් කාලේ අමු හෙලුවෙන්, අමු මස් කාල, ගස් වල කොළ ගෙඩි කාල, ගස් යට, ගල් ගුහාවල නිදා ගෙන හිටපු බොහොම ප්‍රාථමික ජීවියෙක් උනත්, පස්සේ බොහොම හැඩ වැඩ වුනා. ඩාවින් කිව්වා අපි වඳුරගෙන් පැවතෙන්නේ කියලා, ඒත් එක වාදය්ක් විතරයි. වාදයක් කියන්නේ ඕන වෙලේක බොරු වෙන්න පුළුවන් එකක්. මමනම් ඕක පිළිගන්නේ නෑ. බොරුයි කියන්න තරම් සාක්ෂි මා ගාව නැති උනත් මගේ පූර්වජය වදුරෙක් වෙන්න බෑ කියලනම් මට හිතෙනවා. මිනිහගේ දියුණු වීමේ රහස තියෙන්නේ කොතනද කියල හැහුවොත්, උත්තරය ඔලුවෙ කියන එක. මොකද මිනිහා දියුණු වුනේ මොළය පාවිච්චි කරපු නිසා.

මිනිහට හැමදාම ඕන වුණේ පහසුවෙන් ඉන්න. ලේ රසට අමු මස් කෑව මිනිහ ඒක පුච්චල කෑව, වේලල කෑව, එකට රස කාරක එකතු කලා, අන්තිමට කෑම හදන එක ක්‍රමයක්, මෙතඩ් එකක්, විකුණගෙන කන්න පුළුවන් රෙසිපි එකක්, බවට පත් වුනා. අමු නිරුවතින් තමගෙ කියන මමත්වයවත් නැති ගැහැණු මිනිස්සු රංචුවක් මැදට වෙලා, තලු මරල, හප කරල, බොහොම රළු විදිහට කාලා දූවිලි පිරුණු බිම නිදා ගෙන, තමන්ට හිතුන විදිහට මල පහ කරපු මේකා, බොහොම පිළිවෙලට ඇදල කරල තරු පහේ හෝටලේක හැදි ගෑරුප්පු වලින් හෙමින් කපල කොටල තලු මරල ලතාවට කාල, අඩියක් විතර යටට එරෙන සැප මෙට්ටෙක නිදාගෙන, තවත් කෝටියක් විතර වටින බාත් රූම් එකක්, ගඳ ගහන වැඩෙත් සුවඳට කරන තැනට දියුණු වුනේ හිතීමේ අනුහස නිසයි.කොයි විදිහට හිතුවත් මට හිතෙන දේ තමයි ආහාර, නිවාස සහ විළි වසා ගැනීම කියන මූලික අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීම වටා තමයි මිනිසාගේ සියලු සිතුම් පැතුම් දියුණු වුනේ කියලා.

මිනිහට දෙවියා කියන කෙනා හම්බෙන්නේ ඉතිහාසයේ කොතනදිද කියන්න මම දන්නේ නෑ. කොතනදි හම්බුනත් දෙවියා තරම් මිනිස්සු බය, වදින පුදන, ගරු කරන, සලකන කෙනෙක් නැහැයි කියල මම හිතන්නේ. දෙවියා මිනිහාට ලං උනේ කවදා උනත්, ඒ ලංවුන දවසෙ ඉදන් මිනිහා වෙනස් වුනා. මිනිහා ස්වභාවයෙන් දුරස් වුනා, තමන් ගැන විස්වාස කරනවට වඩා නොදැකපු දෙවියාට විස්වාසය තිබ්බා, තමන් පහත් කරන් දෙවියා උසස් කලා, තමන් විඳවමින් දෙවියන් වින්දනයට පත් කලා, තමන් දකින විදින ජීවිතය, නොදැනෙන නොදකින දෙවියන්ට කැප කලා, දෙවියන් සනසන්න තමන්ගෙ සැනසීම නැති කර ගත්තා, දෙවියන්ගෙ පිපාසය සන්සිඳවන්න තමන් පිපාසයට පත් වුනා, දෙවියන්ගෙ කුස පුරවන්න තමන් බඩගින්නේ හිටියා. තමන්ගෙ බැදීම් කඩල දෙවියන්ට බැඳුනා.

දෙවියන් වෙනුවෙන් සතෙක් මරන්න, මිනිහාට බොහොම පහසු වුනා. තමා විසින්ම පාරිශුද්ධියට පත් කරපු දෙවියාගේ සතුට පිණිස මිනිහා සතුන් මරමින්, බිලි පූජා දෙමින්, ලේ හලමින් තමා පාරිශුද්ධත්වයෙන් සහ මනුස්ස කමෙන් ඈත් වුනා. දෙවියන් අමරණීය කරවපු මිනිසා දෙවියන්ගෙන් අමරණීයත්වය නැමති සාපය නැවත ප්‍රාර්තනා කලා (තවමත් අර මොලේ පාවිච්චි කරල දියුණු වුන මිනිහා මේ දේ කරනවා)

මේ දෙවියා එක එක විදිහට විස්තර කරපු මිනිස්සු එක එක රාමු හදාගෙන ඒ රාමු වලට තමන්ගේ දෙවියවා දා ගත්තා. එතන රාමුවට නමක් දැම්මා ආගම කියලා.

එතන ඉදන් දෙවියාගේ ඉල්ලීම සහ දෙවියා වෙනුවෙන් කැපවීම ආගමික මුහුණුවරක් ගත්තා. එතනදි තමන් පුදන දෙවියා වෙනුවෙන් අර දියුණු වුනු මිනිසා යුධ වැදුනා, ලේ හැලුවා, පුද පූජා කලා, සීමා මායිම් වෙන් කලා, දදදිය ශ්‍රමය වැය කරල මහා ගොඩනැගිලි හැදුවා. මේ හැම එකකින්ම මිනිහා දෙවියන්ට බැදුනා, දෙවියන් සතුටු කරන්න උත්සාහ කලා. හැබැයි කොයි දෙවියට උනත් මිනිහගේ හිතේ තිබුනු අර ප්‍රාථමික බය තිබුනා. මේ බයට කිසිම රාමුවක් තිබ්බේ නෑ, කිසිම පාටක්, සංකේතයක්, දේශසීමවක් නැති, අර ප්‍රාථමික මිනිසා තුළ තිබුණ බය එක එක මුහුණුවලින්, පාට වලින්, රාමු වලින්, අමරණීයත්වයට පත් වුනු පොදුදෙවියට කා තුළත් තිබුනා. බය වෙනුවෙන් හැමෝම වැඩ කලා. ඒ කරපු වැඩ, තාමත් කරන වැඩ වල අර ප්‍රාථමික කැලෑ මිනිහගේ වල් ගති සේරම තිබුනා, තාමත් තියෙනවා.

මිනිස් ඉතිහාසයේ මැරිලා ආයෙ ඉපදුනු මිනිස්සු හම්බෙලා තියනවා. ඒ කාටවත් දෙවියො හම්බුනා කියලානම් ගෙම්බට ආරංචි වෙලා නෑ. ලෝකයේ මේ මිනිස්සු දැන් කෝටි 700ක් පැනලා. ඕකෙන් බාගෙකට වඩා මේ නොදැකපු, නොවිඳපු දෙවියා වෙනුවෙන් කැපවෙලා ඉන්නවා තාමත්. දෙවියා නිසා හොඳ මිනිස්සු බිහි වෙලා ඉන්නවා කියලා මිනිස්සු හිතන් ඉන්නවා. දෙවියා යහපත් දේ දීලා තියනව කියල මිනිස්සු හිතන් ඉන්නවා. මොකද ඒක මිනිහගේ ප්‍රාථමික ගතියක්. තමන්ට විස්තර කරන්න බැරි හොඳ නරක දේවල් දෙවියන්ට බාර දීලා ප්‍රීතියට පත් වෙන්න ජාන වලින්ම එන මොකද්ද එකක් මිනිහට තියනවා.(දෙය්යො බැලුව, දෙය්යොම බලා ගන්න ඕන, දෙය්යන්ටවත් පෙන්නෙ නැද්ද, වගේදේවල් කියන්නෙ එකනෙ මිනිස්සු, මේ ටික සිංහලෙන් කිව්වට කොයි භාෂාවෙත් දෙය්ය ගැන සිහි කරනව අර විස්තර කරන්න අමාරු දේවල් දැක්කහම, ඇහුවහම )

දෙය්යො ගැන දන්න දෙය්යො ලඟට ගිය න්යායාචාර්යවරු ඉන්නව. හැබැයි කවුරුත් කියන්නෙ අන්තිමට කට්ටියම අමරණීය කරල කට්ටියම තොගේට දෙය්යො ලඟට ගන්නම් කියල. මොකද මැරෙන මැරෙන කෙනා ගන්න එක දෙවියන්ට වගේම දෙය්ය ලඟ ඉන්න මෙහෙන් ගිය නියෝජිතයටත් කරදර වැඩක් වෙන්න ඇති. කොහොම උනත් යන දවසට එහෙ යන්න නම් ගොඩක් අය කැමැත්තෙන් ඉන්න එක නම් රහසක් නෙමෙයි.

මිනිසාගේ අවසානය කවදා කොහොම වෙයිද දන්නේත් දෙය්යොම කියල බොහොම දෙනෙක් හිතන් හිටියත් ඒක වෙන්න පුළුවන් ආසන්නම විදිහ 'මිනිසා විසින් තමාගේ අවසානය ලඟා කර ගැනීම මිසක් දෙවියා විසින් එය කරන තුරු බලා සිටීම නොවන බවයි' ගෙම්බට හිතෙන්නේ. ඔන්න දෙය්යො එහෙම ඕක මට කිව්වේ නෑ. දෙවියොත් ඔලුවෙ තියාගෙන දියුණුවෙන මිනිහා තමාගෙ වටපිටාව සහ නිරුවත් ලෝකය අමතක කරමින් යනවා. සොබා දහමේ නීති රීති ඉක්මවාගෙන යනවා.දෙවියන් වෙනුවෙන් ලෝකය බෙදා ගෙන සටන් කරනවා. වඩා යහපත් වෙන්න, ඉමක් නැති පහසුවක් සුවයක් සඳහා නොනවතින අරගලේක මිනිස්සු යෙදිලා ඉන්නවා. දෙවියන්ටත් මේ ඉරණමෙන් බේරෙන්න අමාරුයි. සමහර විට අනාගතේ දවසක දෙවියා මිනිසා බවට පත් වේවි. මිනිසා වඳවෙලා දෙවියා වෙන්නට උත්සාහ කරපු, මානවයා දෙවියා බවට පත් වේවි. එදාට එක පාරටම අර අමරන්ණීයත්වය ලබා ගන්නා දවස (අවසාන විනිශ්චය )උදා වේවි.

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0tag:blogger.com,1999:blog-448632342887237033.post-66605411499528921182013-12-01T16:57:00.003-08:002013-12-07T20:06:02.464-08:00ගෙම්බට පේන උදෑසනඋදේ පාන්දරට නැගිට්ටහම මොනවද හිතෙන්නේ. ගෙම්බෙක්ට වගේ නෙමෙයි.... මනුස්සයෙක්ට කොයි තරම් දේවල්නම් තියනවද?

එක එක අයට එක එක දේවල් කලපනා වෙනව. ආගමික භක්තියෙන් ඉන්න අයටනම් උදෑසන කියන්නේ විමුක්ති මාරගය ලබා ගන්න අනුගමනය කරන ක්‍රියාකාරකම් වල යෙදෙන්න (ඒ කියන්නේ මේ භාවනා කරන්න, යෝග ව්‍යායාම සිදු කරන්න ) හොඳ වෙලාවක්. ගොවියෙක්ටනම් ඉතින් පානදර නැගිටල තමන්ගේ වගාවන්ට සාත්තු කරන්න වෙනව. ව්‍යාපාරිකයෙක්ට තමගෙ ව්‍යාපාර වැඩ වලට දවස කොහොමද ගත කරන්නේ කියල ප්ලෑන් කර ගන්න උදෑසන වැදගත් වෙනව. අම්මලට ඉතින් කුස්සියේ වගේම ගෙදරත් ලොකු යුද්ධයක් තියනව උදෙන්ම.වැඩට යන කෙනෙක්ට කර ගන්න දේවල් ගොඩයි, රෙදි මදිනව, නානව, ඇඟ හෝදනව, සපත්තු මදිනව, සාරි අදිනව, ජෙල් ගානව, කොණ්ඩෙ පීරනව, බුස් එකට කෝච්චියට දුවනව, එකී මෙකී නොකී වැඩ මහා ගොඩක් උදේට වෙනව.

මේ හැම දෙයක් දිහා බලාගෙනම ඉර පායන්නෙ එකම විදිහටද කියල මට හිතෙනව.සමහර විට එහෙම පේන්නේ මම අහසෙ ඉන්න ගෙම්බෙක් නිස වෙන්ඩත් ඇති.......

හැමදාම නැගෙනහිරින්............ මිනිස්සු ඉපදෙනව උදේට, මැරෙනව උදේට. ඒත් ඉර නොමැරී හැමදාම පායනව. දවසේ කොයි වේලාව ගත්තත් මිනිස්සුන්ගෙ තියෙන්නෙ විසම්මුතියක්. එකඟ කමක් නෑ. හැමෝම මිනිස්සු ක්‍රියාකාරකමකින් එකම දේ කලත් සිතුවිලි වල එකඟ කමක් නෑ. විවිධාකාර අදහස් මහ ගොඩක් හිතේ තියාගෙන එක විදිහකට වැඩ කරන මිනිස්සු ගොඩක් දැක්කහම පුදුමත් හිතෙනව. හැබැයි මිනිස්සු කොයි විදිහට විවිධාකාර උනත්, සිතුවිලි විවිධාකාර උනත්, ඔවුන් ජීවත් වන පරිසරය හැම විටම ඒකාකාරී විදිහටයි ගෙවෙන්නෙ. නැගෙනහිරින් ඉර පායල බටහිරින් බැහැල යනව, අව්ව වැස්ස සුළග මේවා වෙනස් වෙන්නෙ එකම රටාවකට.

එහෙනම් මේ උදෑසන ලස්සනයි කියන්නෙ කවුරු නිසාද. මම වගේ ගෙම්බෙක්ටනම් හැම දේම හැම වෙලේම ලස්සනයි ලස්සනයි. ඒත් මිනිස්සුන්ට එහෙම නෑ. එහෙම හිතන්න බෑ

මිනිස්සු ලස්සනයි කියන දෙවල් වල තියන ලස්සන සාපේෂයි. ඒ ලස්සන ඇති වෙන්න මිනිස්සුන්ගේ හිත්වල. ඒ සාපේක්ෂ ලස්සන අනුවයි මිනිස්සු කියන්නේ උදෑසන ලස්සනයි කියලා. එක එක කෙනාට උදේ උණත් ලස්සන වෙන්නේ එක එක විදිහටනේ.

විවිධාකාර සිතුවිලි (හොඳ නරක, ධෛරයමත්, පරාජිත, මෝඩ, කුහක, තරහ, වැඩදායී, කරුණාබර, උපෙක්ෂාසහගත, විපලවාදී වගේ තව දහස්ගානක් සිතුවිලි ) හිතේ තියාගෙන මිනිස්සු විවිධ අරමුණු තකා උදේ ඉදන් රෑ වෙනකම් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනව.

අරමුණ සමහර විට, මුදල් සෙවීම වගේ දේකට ලඝු කරන්නත් පුළුවන්. සමහර විට අරමුණ ඊලග ඡන්දෙ, විභාගයක්, දරුවන්නට කෑම ටිකක්, ගෙයක් දොරක් හදා ගැනීම, බඩු ටික හොඳ මිලකට විකිණීම, කෙල්ලත් එක්ක දවසම ආදරෙන් වෙලිල ඉන්න එක, කොහොම හරි අවශ්‍ය මිනිහව මරා ගන්න එක, හොරකම් කරල හරි ගංජා සුරුට්ටුවක් ගැහීම, ලෙඩට බේත් ටිකක් ගැනීම, කුඹුරෙ ගොයම් ටික අදම කපල ඉවර කරන එක,දහසක් දෙවල්...දහසක් සිතුවිලි.....කෙනාගෙන් කෙනාට රැකියාවෙන් රැකියාවට, රටෙන් රටට, ආගමෙන් ආගමට, වයසෙන් වයසට.... අපොයි කොයි තරම් නම් දෙවල් ගොඩක්ද මේ උදේට මිනිස්සුන්ගෙ හිත් වල තියෙන්න. මේ සිතුවිලි ලස්සනද කැතද හොඳද නරකද කියල කියන්න බෑ. මටනම් බෑ.... මොකද ඒවගේ ලස්සන හරි හොඳ හරි තියෙන්නෙ ඒ ඒ කෙනාට අනුව. මිනිහෙක් මරන එක නරක උනාට, සමහර විට කන්න බොන්න ජීවත් වෙන්න මිනිහෙක්ට මරන චේතනාව ලස්සන අරමුනක් කර ගන්න වෙනව වෙන්න පුළුවන්

කොහොම උනත් මිනිස්සු අඩු වැඩි විදිහට ඔය කියපු දහසක් අරමුණු ඉටු කර ගනී. ඊට පස්සේ හෙටත් උදෑසනක් ඒවි.

ඒත් ඒ උදෑසන වෙනස්, වෙනස් වෙන්නේ අපි නිසා, මිනිස්සු නිසා, මිනිස්සුන්ගේ සිතුවිලි නිසා.

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com2tag:blogger.com,1999:blog-448632342887237033.post-90912761249019485852013-11-30T08:46:00.000-08:002013-12-01T01:49:06.326-08:00වෙන්වීම

මේ කතාව පටන් අරගත්තෙත් නෑ, ඉවර උනෙත් නෑ. මේක කතාවක ආරම්භයක් හෝ අවසානයක් නෙමෙයි කියන්නත් බෑ.

ඒ හමුවීම කිසිම හැගීමක් දැනීමක් තිබුන දෙයක් කියල හිතෙන්නෙ නෑ.අපි ඔහේ බලන් හිටියා මිසක් කාටවත් කතා කරන්න උවමනාවක් තිබ්බේ නෑ. ඈතින් පේන්න තිබ්බේ කොනක් නොපෙනෙන මහා සාගරේ විතරයි. අපිත් හරියට ඈතින් පේන ක්ෂිතිජය වගේ, ලඟින් හිටියට කවදාවත් එක් නොවෙන අහසයි පොළවයි වගේ. ඉතින් මට ඇහුනෙ මුහුදෙ මහා රළ බිඳෙන හඬයි, අපි හුස්ම ගන්න සද්දෙයි විතරයි. සමහර විට මුහුදෙ තිබ්බ සද්දෙටත් වැඩිය වරින් වර නැගෙන සුසුම් වල සද්දෙ වැඩි වුනා. ඒත් වචනයක් කතා කරන්න ශක්තියක් අපිට තිබුනෙම නෑ.

'අපි යමු'

අපි හෙමින් නැගිටල ඇවිදගෙන ආව.හෙමින් අපේ ඇඟිලි එක්කට එකතු වෙනව, අපි දෙන්නගෙන් කාටවත් ඕන උනේ නෑ වෙනද වගේ තදින් අල්ල ගන්න. අන්තිමට අපි අපි දිහා බලන් උන්නා. ඇස් වල යාන්තම් බොඳ වේගන ආවත් ඒවට නිදහසේ ගලා යන්නවත් ලෝකයෙන් ඉඩක් නෑ. කඳුළුත් නොහෙලම අපි වෙන් උනා. මම තාමත් එතනට එනවා. මුහුද තාමත් වෙනද සද්දෙන්ම වෙරලෙ හැප්පෙනව.

Anonymoushttp://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.com0