සුළං
හමන ලතාවටයි
අතු ඉති
නැමුනේ
හිමිදිරියේ
සුබාවටයි දළු
කොළ දිලුනේ
ගහේම
වාසනාවටයි මල්
වැල් ඇදුනේ
මගේම
වාසනාවටයි නුඹ
මට පෙනුනේ
මල්
බරවී තිබෙන්නී
සුලඟට
මල් නටන්නී
නෙත්
සතුටින් පුරන්නී
ගස
ඇහැළයි කියන්නී
නෙත්
සතුටින් පුරන්නී
සුවඳින්
මත් කරන්නී
තාලෙට
පෙති සල්ලනී
විදු
මව් හැඩ
කරන්නී
කැළණිය විශ්ව විද්‍යාලයේ, ශිෂ්‍ය මධ්‍යස්ථානය මැද පිහිටි ඇහැළ ගස....
කලකදී කොළයක්ද නැතිව හිස් අහසට අතු විහිදා හිඳින ඇය, වරෙක ලා දළු නගා විළියෙන් බිම බලා හිනැහේ, මෙසේ මලින් බරවී හිනැහෙන ඇයම, පරිනත කොළද සහිතව කරලින් බරවී තිබෙයි.
විශ්ව විද්‍යාලයට ඈතින් පෙනෙන කඳු පන්ති, මෑතින් ගලන ගංඟා, මල් වතු, ජලාශ ආදී මිහිරි පරිසර නිමැවුම් අවට නැති වුවද, විටෙක මලින් බර වන, විටක අව්වේ වේලෙන මෙවැනි මල් බර ගස් ශිෂ්‍ය පරපුරට ජීවිතය කියා දෙන නිහඬ කවියක් බඳු යැයි මට සිතේ
No comments:
Post a Comment