"ශිෂ්‍යයෝ මට කරති බුහුමන්
භක්ති ප්‍රේමය ඇත ඔවුන් තුළ
මා කෙරේ මතු නොවේ එලෙසට
ශිල්ප ශාස්ත්‍රය වෙතද දක්වති
ඊට අධිකව භක්ති ප්‍රේමය
භක්ති ප්‍රේමය, ගෞරවය හෝ
කුමක් කීවද ඒ එකක්වත්
නොවේ සෙනෙහස
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නොවේ සෙනෙහස
දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තිබෙන තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස"
ප්‍රේමය පිළිබඳව ලියවුනු මෙම අගනා පබැදුම සදාකාලෙටම පොදු වූ කරුණක් ගැබ් වෙලා තියනවා. මේ වගේ නිර්මාණ වර්තමානයේ අපිට දකින්න නොලැබීම කනගාටුවට කරුණක්. ඒ උනත් මෙම නාට්‍ය කෘති තවමත් අප අතර පැවතීම සතුටු විය හැකි කාරණයක්
No comments:
Post a Comment