Thursday, June 12, 2014

මගෙ ලෝකය වෙලා ඉන්න

හැකිනම් වහින්න
වැස්සක් වී ඔබ
තෙමී තෙමී ඉන්නම්

හැකිනම් නගන්න
මේඝ ගර්ජනා
මම ඉවසා ඉන්නම්

හැකිනම් නැගෙන්න
වියරු රළක් වී
මම ඔබ හා එන්නම්

හැකිනම් උදුරා
රැගෙන යන්න මග
හුස්මත් මම දෙන්නම්

පාළු සීත රෑ යාමේ
මට කවි සීපද කියන්
දුකින් හඬන විටදි මගේ
කඳුලු බිංදු පිසින්
දුක් කරදර සතුටු සිනා
මතකය පොදි බැඳන්
මා තනිකොට ඉවත නොයා 
මගෙ ලඟ නුඹ ඉඳින්

නිවන් දකින තුරා
සසර සරන තුරා
දුකත් සැපත් දරා
මගේ ලඟට වෙලා
මගෙ ලෝකය වෙලා
රැඳෙන්න ඔබ සදා