Tuesday, April 22, 2014

අපි කපා ගන්නා අපේ වල

තාක්ෂණය ඉතා වේගයෙන් ස්වභාවික ලෝකයත්, ස්වභාවික මිනිස් හැසිරීම් රටාවත් වෙනස් කරමින් ගමන් කරයි. මිනිසාට, තමා මිහිතලය මත වෙසෙන සතෙක් නොවන වග පසක් වන තරමටම තාක්ෂණය ඔහුව වෙනස් කර ඇත. අවශ්‍යතාවල වල අන්තයක් මීනිසාට නොපෙනෙන තරමටම මිනිස් අවශ්‍යතා සංකීරණ වී ඇත. එසේම වැඩ පහසු කර ගැනීමේ අන්තයක් සොයා ගැනීමට බැරි වන තරමට මිනිසා තම වැඩ කටයුතු පහසු කර ගැනීමට යත්න දරයි. මේවායේ අවසාම ප්‍රථිඵලය, මිනිසා සතුටු කිරීමට සහ ඔහුගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට, සියලු ජීවීන් සඳහා පවතින සම්පත් තනි ජීවී විශේෂයක් අණසකට නතු වීමයි. එහෙත් සොබා දහම කිසිදු නිර්මාණයක, රටක, ජාතියක,ජීවී විශෙෂයක සීමා මායිම් නොතකා තමාගේ ගතික ස්වභාවය පවත්වාගෙන යයි. මෙම සමතුලිතතාවය බිඳුනු පසු එය නැවත සකස් කිරීම සඳහා මුග්ධ මිනිස් ප්‍රජාව දරන කිසිදු උපක්‍රමයක් ඔහුගේ පැවැතමට හේතු නොවනු ඇත. 
ලෝකයේ කවර රටක් වුවද වර්තමානයේ මෙහෙයවනු ලබන්නේ දේශපාලනයට වඩා ආර්ථිකය විසිනි. මිනිසා විසින් තමාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමටත් වඩා මුදල් ඉප්යීමටත්, මුදල් ගබඩා කොට වත්කම් තර කර ගැනීමටත් පෙලඹීම පුදුම සහගතය. රටවල් තවත් රටක් දෙසට දිගුකරන දෑතත්, දිගු කරන අවියත් යන දෙකම මෙම  මුදල් මත පදනම් වීම ඇති අතර වර්තමානයේ රටවල් අතර පවතින විවිද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලටද යුද ගැටුම් වලටද හේතු වී ඇත.
වර්තමානයේ රටවල් අතර පවතින විවිද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලටද යුද ගැටුම් වලද නොපෙනෙන බලවේගය වන්නේ මුදලයි.
මිනිසා ස්වභාවික ලෝකය සමග මුදලින් ගනුදෙනු නොකරන නමුත්, ස්වභාවික ලෝකයෙන් තම අසීමිත ආශාවන් සපුරා ගැනීමට භාවිත කරන සියලුම ස්වභාවික ලෝකයේ දායාදයන් මුදලින් තක්සේරු කරයි.එසේම ඒ සඳහා තම වර්ගය මරා දැමීමත්, මුලා කිරීමත් සිදු කරයි.
දේශපාලනය මුදල් ඉපයීම සඳහා අවියක් ලෙස යොදා ගනිමින්, මිනිසා විසින් මිනිසා මතම හෙලනු ලබන විනාශයේ අන්ධකාරය, ඒ සඳහා වග කිව යුතු සහ ඒ පිළිබඳව කිසිවක් නොදන්නා අසරණ ජීවීන් රාශියකටද විනාශය ගෙන එනු ඇත. සාමූහයක් වශයෙන් මිනිසා තාක්ෂණයේ ආශ්චර්යය බෙදා ගනිමින් සුවය ලැබූවද, ස්වභාවිකත්වයෙන් ඈත්වීමෙන් මිනිසා ලබන ප්‍රථිඵල බෙදා ගැනීමට ඔහුට නොහැකි වනු ඇත.වර්තමානයේ අප කිසියම් පීඩාවකින් සිටීනම් එය අපගේ වර්ගය විසින්ම ඇති කර ගත්තක් විනා පිට සක්වලකින් හෙලනු ලැබූ නරකක් නොවේ. අප සැබැවින්ම අපගේ අතිශය පීඩාකාරී අනාගතය තනමින් සිටී. එයට අකමැත්තෙන් වුවද දායක වී සිටීමට ගෙම්බාටද සිදුවී ඇත.

No comments:

Post a Comment