සෙනෙහෙන් හිස අත ගාමින් ලඟ උන්න
මුදු බස් තෙපලමින් ඔබෙ ගුණ ගී හඬ දුන්න
සිරියහම ඇත වී අමු සොහොනක්ව
වැතිරී නිදමි මම එහි මළ මිනියක්ව
කිරිසුවදැති මුව ඉහලට විදාලා
නෑසෙන බසින් පුතු මගේ කන් සිසාරා
හඬදී අසයි කොහිදැයි ඔබ කියාලා
සුළඟක වෙලී හෝ එනු මා සොයාලා
නොහැකිය හිමියනේ මට පුතු හැර එන්න
විදිනා කටුක දිවිමග ඔබ හා යන්න
නොහැකිය ඔබට මෙන් කම්පා නොම වෙන්න
ඔබහට පිදූ පෙම ඇත මට සැනසෙන්න
දුවවිත් දිනෙක මගෙ පා මුල වැටීලා
තෙමමින් දෙනෙත් කඳුලින් හිස ඔබාලා
කිසිදා නැවත තනි නොකරමි කියාලා
පවසනු ඉතින් ඔබෙ හිමි මම කියාලා
No comments:
Post a Comment