Friday, February 14, 2014

මටම අහිමි සෙනෙහෙ වැස්ස

හිරු අවුලයි දස දෙසම
වෙහෙස දැනෙයි මග දිගට
හැරී බලමි මම නැවත
ඔබ ඇත සිතිවිලි අතර

වෙහෙස දැනී ගිමන් හරින
ගිනියම් වූ විරාමයක
මද පවනක් විලස පැමිණ
නිවා දමයි මගේ වෙහෙස

පවස දැනී දැවෙන විටෙක
දිය පොදකුත් අසල නොමැත
මහා අසනි වැස්ස විලස
ඔබ පැමිණෙයි මගේ සිතට

තනිකම විත් වෙලෙනා විට
දහසක් මනු සත් කැල මැද
ඔබ ඇවිදින් මගේ ලගට
වෙලා ගනියි මා රහසෙම

ගිමන් නිවන සුළන් රැල්ල
පවස නිවන අසනි වැස්ස
තනිය මකන සිහින වැස්ස
මටම අහිමි සෙනෙහෙ වැස්ස

No comments:

Post a Comment