Tuesday, February 18, 2014

ප්‍රථම ප්‍රේමය

සිහිනෙකට
ඇවිත් නුඹ
හෙමින් සක්මන් කරයි
මගේ සිතුවිලි අතර
එහෙත් මගෙ හිත කොනක
නතර වී එක තැනක
බලා හිඳිනා ප්‍රථම
ආදරේ ඔබ නොවෙයි

අතීතේ යම් දිනෙක
නාඳුනන මලකට
පෙම් කලෙමි රහසින්ම
ලොවටත් ඔබටත් රහසින්ම
අයිති නොවනා වගත්
නොලැබෙනා මුත් ආදරය බිඳක් වත්
දැන දැනම
පෙම් කලෙමි
සුවඳ විඳිමින් මම
ලස්සන මලකට

පිය නඟා ඔබ හෙමින් ඇවිත් මඟෙ සිහිනයට
ඉවත යන්නට කියයි මගෙ ප්‍රථම ප්‍රේමයට
එහෙත් මුල් ඇදී නැඟි මහ වන්ස්පතියෙක් ලෙසට
ප්‍රථම ආලය හිඳී හිත් කොනක සදහටම

No comments:

Post a Comment