Tuesday, February 4, 2014

කවුද ඡන්දෙ ඉල්ලන්නේ?

දේශපාලනය කරන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන එක පිළිබ්ඳව කාට උනත් පැහැදිළි අවබෝදයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. මට උනත් එහෙම අවබෝධයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. නමුත් ඕනම ක්ෂේත්‍රයක යෙදෙන්න නම් (සාර්ථකව සහ ඵලදායීව යෙදෙන්න ) ඒ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනීමක් අවශ්‍යයි කියලනම් මම දන්නවා. මේ දැනීම කියන එකෙන් මම අදහස් කළේ පොත් කට පාඩම් කරල ගත්ත උපාධියක් නෙමෙයි, සමහර විට කාලයක් තිස්සේ පොත පත කියවලා, දක්ෂ නමක් දිනා ගත්ත පිරිසක් යටතේ වැඩ කරලා උනත් යම් ක්ෂේත්‍රයක දැනීමක් ලබා ගන්න පුළුවන්. ලංකාවෙ කලා කරුවන් බොහෝම දෙනෙක් ඒ සම්බන්දව ගත්ත උපාධියක් නැති උනත් මම කිව්ව දෙවනි ක්‍රමයෙන් ක්ෂේත්‍රයේ නමක් රදව ගත්ත අය.
මුල් කාලයේදී (මම අදහස් කරන්නේ නිදහස ලබා ගත්ත මුල් කාලේ ) දේශපාලනය කලේ ඒ සම්බන්දව යමක් කමක් දන්න කියන ඉගෙන ගත්ත උගත් පිරිසක්. හැබැයි ඔවුන් කරපු වැරැද්ද තමයි ඒ කාලේ බිහි කරපු උන්ගේ පැටව් ටිකට මේ ශික්ෂණය හරිහැටි කියා නොදුන්න එක. අන්න ඒ වැරැද්ද නිසා ඊට පස්සේ බිහිවුන දේශපාලඥයන් ජනතාවගෙන් බැනුම් අහන, හොඳක් කලත් නරකක් කලත් නරකටම පේන පිරිසක් බවට පත් වුනා. නිදහස් ආර්ථිකයත් එක්ක සල්ලි පස්සෙ දුවන සමාජයේ ලොකුම මැරයො, දූෂිතයෝ, අපරාධ කාරයො, වංචාකාරයො, ස්ත්‍රී දූෂකයෝ,කලු කඩ මුදලාලිලා, පරිසර විනාශයේ පෙරගමන්කරුවො, සංස්කෘතික සෝදාපලුවේ දිය දහරාව වුනේ මේ කියන දේශපාලඥයො තමයි. ඒ විතරක් නෙමෙයි, සත් ගුණවත් දායකයා, පින්වත් උපාසකයා, සුදු රෙදි අඳින චරිතවත් නායකයා, දේශප්‍රේමියා, සංස්කෘතික පරමාදර්ශය, පරිසරයේ ආරකෂක, ජනහිතකාමී නායකයා කියන චරිතයක් හිමි උනේ මේ දේශපාලඥයන්ටම තමයි.
ජනතා පරමාදිපත්‍ය කිව්වට ඒක දැකපු කෙනෙක් ඉන්නවයි කියල මම හිතන්නේ නෑ. ඒත් එකෙන් මේ දේශපාලඥයන් මෙල්ල කර ගන්න පුළුවන් කියල මම හිතනවා. මිනිස්සු මේ දේශපාලඥයන්ගේ හොඳ නරක සේරම දැන ගෙනත් අයෙ අයෙත් එකම හරක් රැළක් පත් කර ගන්නේ අපේ මිනිස්සුගේ සාක්ෂරතාව වැඩි හින්දයි කියලා මම හිතන්නේ.
විවිධ අංශ වලින් වෘත්තීය දකශතා සහිත පුද්ගලයෝ, එම වෘත්තියේ ඉහලටම ගියහම, නැත්නම් නමක් හදා ගත්තාහම දේශපාලනේට එන එක දැන් මෝස්තරයක් වෙලා. මේක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ වෙනත් රටවල් වල උනත් දකින්න හම්බෙන ප්‍රවනතාවයක් වෙලා. මම කියන්නේ නෑ මේක වැරදියි කියලා. මෙහෙම ඇවිත් සාර්ථක දේශපාලන ගමනක් යන මිනිස්සු නැත්තෙමත් නෑ. ඒත් මිනිස්සු මේක දකින විදිහෙ මොකක් හරි අවුලක් තියනවා.
උදාහරණ්යක් විදිහට ලංකාවේ නම ගිය වන්චාකාරයෙක්(පිරිමි කෙනෙක් ) ඡන්දේ ඉල්ලුවා තමන්ගේ උපන් ගමවත් නොවන දිස්ත්‍රික්කෙකින්. මිනිහට දිස්ත්‍රික්කෙන් මුල් තැනක් එක්ක පාර්ලිමේන්තුවටත් ගියා. ඒත් චිත්‍රපට නිලියක් ඡන්දෙට ගියහම එයගේ රඟපෑම් ගැන තමයි මිනිස්සු කතා කරන්නේ. අඩු ගානේ මේකි රඟපාපු චිත්‍රපටියවත් දැකල නෑ, දැකල තියෙන්නේත් පොඩි පොඩි කෑලි ටිකක් විතරයි, අනික රඟ පෑම ගැන කතා කරන්නේ ඡන්දෙට ඉල්ලපු නිසා. රගපාන කාලෙවත් මේ නිළියෝ ගැන කතාකරපු පන්ඩිත් උතුමන්වහන්සේලා ඡන්දෙට ඉල්ලුවහම නිළියන්ගේ රඟ පෑම, ඇඳුම් පැලඳුම්, සම්බන්දතා ගැන කතා කරනවා. මම හිතන්නේ අපි මෙතනදි පහර ගහන්න ඕන ඔවට නෙමෙයි, මම මුලින් කිව්ව වගේ දේශපාලනයේ මොවුන්ගේ තියන් හැදෑරීමේ දිග පළලටයි අපි පහර ගහන්න ඕන. එහෙම නැත්නම් තියෙන අලයක් තම්බගෙන කාල, පෙරසේ ගොඩක් හිනාවෙන මී හරක් රැලක් මේ පාරත් පත් කර ගන්න කතිර 3ක්ම ගහන්න පුළුවන්.

2 comments:

  1. 1. ගැණුද /පිරිමිද , හොරුද/සිවුරුහොරුද/ගනිකාවොද , ගායකයෝද/නිළියෝද කියන එක නෙමෙයි.
    දේශපාලනයට නුසුදුසු පුද්ගලයන්ට නාමයෝජනා ලබා දීමයි අවුල..
    2. එහෙම නාමයෝඅජනා ලබලා චන්දෙ ඉල්ලන නුසුදුස්සන්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු යවන හරක් රැලක් මේ රටේ ඉන්න එකයි ඊට වඩා ලොකු අවුල...

    උස්‌ /පහත් , උගත්/නූගත් බේදයකින් තොරව පොදුවේ ලංකාවේ තියෙන මේ ගෝත්‍රික/ගොබ්බ'කම කවදාවත් නැතිවෙන පාටක් නෑ . නැතිඋනත් එහෙම වෙද්දී 3014වත් වෙලා තියේවි.
    අනේමංද බං... කාට කියන්නද...

    ReplyDelete
  2. ඇත්තටම නිලියන් දේශපාලනයට එන එක පසුගිය දිනවල ලොකු විවේචනය්කට ලක් උනා, මෙයට හේතුව තමයි අනිත් අයට ලැබෙන්න තියන ඡන්ද අඩුවන එක. හැබැයි අවා කියලා කරගන්න පුලුවන් එක්කකුත් නැහැ මොකද ඔය පාර්ලිමේන්තුවෙත් ඔන තරම් ඉන්නේ කරන දෙයක් නැහැනේ

    ReplyDelete