Saturday, February 8, 2014

සිරිපා කරුණාවේ.... කඳුලක් නැගුනාවේ

යාළු මිත්‍රකම් ජීවිතයකට අවශ්‍ය වටිනා මිනිස් සම්බන්ධතාවක්. සමහර විට අපේ ජීවිත වල ගෙදර අය නොදන්න දේවල් නොකියන දේවල් යාළුවන්ට කියනවා (අනික් අය මම දන්නේ නෑ මටනම් එහෙම තියෙනවා)
ඉතින් මගේ හොඳ යාළුවෙක් එක්ක මම සිරීපාදෙ යන්න හිටියා. ඒත් යාළුවා සිරීපදේ ගියා, මට යන්න බැරි වුනා. මට මේ ගැන හරිම කනගාටුවක් ඇති වුනා. යාළුව එක්ක මම තරහ වුනේ නෑ. මම මේ ගැන හිතන කොට ලොකු කණගාටුවක් ඇති වුනා, ඒ ආව ආවේගෙට මම කවි පංතියක් ලිව්වා.

සැප දුක දෙකේදිම නොහැරම මම උන්නා
නුඹේ දුකට මගෙ දෑසත් තෙත් වෙන්නා
හදවත නැගුනු ගින්දර බෑ වාවන්ටා
සකිසඳ මා අතැර මහගිරි දඹ යන්නා

මගෙන් නොදැනිවත් වරදක් උනාදෝ
පෙර පින් මදිව මා අමතක උනාදෝ
අත්වැල ලිහී මග වැරදී ගියාදෝ
සිරිපා පියුම ලඟ නුඹ තනි වුනාදෝ

කන්ද උඩින් ඉර සිරිපා වඳින කොට
පෙරදිග අහසෙ නැගෙනා සුදු වලා මැද
නෙක පාටින් හැඩ වැඩ කර අහස මත
මගෙ දුක් ගීය බලපන් හිමිදිරියෙ හෙට

තරහක් නැතත් කඳුලක් නෙතඟින් එබුනා
සීතල සුළඟ මැද මට තනිකම දැනුනා
දෑතම එකතු කර ගමනට සුභ පැතවා
නුඹ හා සමඟ කරුණාවට පින් පැතුවා


නැගෙන හිරින් ඉර සේවය කරනවද
සමනලයෝ මුනි සිරිපා වදිනවද
සිහිල් වලා මත තනිකම දැනෙනවද
මා සිහිකර නුඹ සිරිපා වදිනවද

නැගෙනහිරින් ඉර සේවය කරන කොට
සමනල තටු වලින් සිරිපා වැහෙන කොට
පතුලට හිස තබා බුදු පා වදින කොට
මාවත් සිහි කරපන් සකිසඳුනි හෙට

No comments:

Post a Comment