වැස්සක් වී ඔබ
තෙමී තෙමී ඉන්නම්
හැකිනම් නගන්න
මේඝ ගර්ජනා
මම ඉවසා ඉන්නම්
හැකිනම් නැගෙන්න
වියරු රළක් වී
මම ඔබ හා එන්නම්
හැකිනම් උදුරා
රැගෙන යන්න මග
හුස්මත් මම දෙන්නම්
පාළු සීත රෑ යාමේ
මට කවි සීපද කියන්
දුකින් හඬන විටදි මගේ
කඳුලු බිංදු පිසින්
දුක් කරදර සතුටු සිනා
මතකය පොදි බැඳන්
මා තනිකොට ඉවත නොයා
මගෙ ලඟ නුඹ ඉඳින්
නිවන් දකින තුරා
සසර සරන තුරා
දුකත් සැපත් දරා
මගේ ලඟට වෙලා
මගෙ ලෝකය වෙලා
රැඳෙන්න ඔබ සදා
No comments:
Post a Comment