Monday, April 21, 2014

ඔබ ආවා

         සියලු දොරවල් විවර කරගෙන
      බලා උන්නා මම ගොඩක් කල්
     හෙමින් හෙමින් අඩි තිය තිය
   ඔබ ආවා ඈත ඉදන්
 හැම අතින්ම විදුලි අකුණු
 මහා මේඝ පුපුර පුපුර
    කල්ප අන්ත මහා මේඝ
      අතර මැදින් ඔබ ආවා
               වියලි දෙපා පැලී හඬන
             පොළව දැවී ගිනියම් වුණ
           පිපාසිතව මිය යන මේ
        කතර මැදින් ඔබ ආවා
      සිනා සලන
    හඬා වැටෙන
  සහසක් වග වලසුන් මැද
තනිවී හිඳ බොහෝ කලක්
හෙමින් හෙමින් ඔබ ආවා
               කාම රාගයෙන් තෙත්වුන
              ද්වේශ වේගයෙන් රත් වුන
            මෝහ මාලිගාවල සිඳ බිඳ
           මගේ ලොවට ඔබ ආව
                         යලිත් නොයන
                           ලෙසට මෙතන
                              මාත් සමඟ නතර වෙන්න
                               සංසාරේ ඉතුරු ටිකත්
                             මාත් එක්ක එකට යන්න
                           ගොඩක් මතක පොදි බැදගෙන
                         ඔබ ආවා මගෙ හෙවණට

No comments:

Post a Comment