Saturday, January 25, 2014

කඩුපුල් මල් කුමාරියේ


 ලක්ෂ්මන් අය්යා මේ කඩුපුල් මලේ රූපය එකේ දාල තිබුනා. අය්යගේ මේ වගේ රූප වලට මම කවියක් දානව කියල අය්යා දන්න නිසා මේ රූපය මට  කරලා තිබුනා. මගේ හිතට එක පාරටම ආව කවි සිතුවිලි ටික තමයි මේ. මේ ටික දානකම් ඉන්න කියලා අය්යට කිව්වහම අය්ය කන්නෙත් නැතුව හිටියා මම කවි ටික දානකම්. යාළුවො කියන්නේ හරිම පුදුම මානව බැදීමක්. කඩුපුල් මල් රහසෙම පිපිලා, සුවඳ දීල, පරවෙලා යනවා. එත් යාළුවො දුරස් වෙනව, ඈත් වෙනවා, තරහ වෙනවා, ඒත් මිතුරු සුවඳ කවදාවත් හිත් වලින් පර නොවී, දුරස් නොවී, සුවඳ දෙනවා, ජීවිතයම සුවඳ කරනවා.






රහසෙම ලොවට කළුවර මැද පිපිලා
සුර ලොව ඇති යහනක සුව මවාලා
ලොව පිබිදෙන විට මල් පෙති හලාලා
මිය යනවද මටවත් හිමි නොවීලා

දවල් සරන බඹරුන්ගේ ගී නාද
නොවීද ඔබහට කිසිකලෙකත් හාද
හිරු දෙවිදුන් ඔබ හට දොස් කිව්වාද
මටත් හොරෙන් ඔබ මුකුලිත වෙනවාද


පිනි වරුසා මැද සොඳසේ පිපෙන්න මල් කුමාරියේ
රැය සරසා සඳ එලියේ දිලෙන්න ඔබ කුමාරියේ
ඇස පිනවා හිත සනසා සුවදෙනු රෑ කුමාරියේ
මගේ මළදා මගේ තනියය පිපෙන්න ඔබ කුමාරියේ


No comments:

Post a Comment