Showing posts with label අවුරුද්දක් අවිත් ගියා. Show all posts
Showing posts with label අවුරුද්දක් අවිත් ගියා. Show all posts

Tuesday, April 16, 2013

අවුරුද්දක් අවිත් ගියා


අවුරුද්දට හැමෝම භෞතික වශයෙන් සෑහෙන්න අලුත් වෙනව. ගෙවල් දොරවල්ද, අදුම් පැළදුම්ද හැම දේම අළුත් වෙනවා. ඒත් අපි ටිකකට හිතුවොත් අපි මානසිකව අළුත් උනාද මේ අවුරුද්දෙ කියල?
අපි අවුරුදු කාලෙට කොච්චර අලුත් කෑම බීම වලින් බඩ පුරව ගන්නවද?
අපිට බැයිද මේ අවුරුදු කාලෙට අපේ සිතුවිලි ටිකත් අළුත් කරල, මනස ටිකක් අළුත් කෑම වලින් පුරවන්න. අපි සමරන අවුරුද්ද අර්ථවත් වෙන්නෙ එහෙම කලොත් විතරයි කියලයි මට හිතෙන්නේ. නැත්නම් අපි නිකම්ම නිකන් සංස්කෘතික චාරිත්‍ර ටිකක් පිළිපැදපු හිස් මිනිස්සු විතරයි
එහෙම අයගේ අවුරුද්ද හරියට රතිඤ්ණ්ඤා කරලක් වගේ තමයි. සෑහෙන්න සද්දයක් දාල පිපිරුවට අතුල හිස්.