රඟපෑම හොඳ දෙයකි. මක් නිසාද, හොඳ නිර්මාණයක දක්ෂ ලෙස රඟපෑමෙන් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් වන බැවිනි. නිර්මාන කරුවකු තම නිර්මානය සාර්ථක කර ගැනීම සඳහා දක්ෂ රංගන ශිල්පීන් යොද ගන්නේ මේ නිසාය.
එහෙත් නිර්මාන ශිල්පීන් සැබෑ ජීවිතයේදීද රඟ පාන්නට යාම, අණුවන කමකි. එයින් ඔහුගේ හෝ ඇයගේ සැබෑ ප්‍රතිරූපය සමාජය ඉදිරියේ විදාරණය වන බැවිනි.
මුහුණු පොත මතද බොහෝ නලුවෝද නිලියෝද සිටිති, රඟ පාති,වෙස් මුහුණු යොදාගෙන රඟපන්නෝද එසේ මුහුණු නොමැතිව රඟ පාන්නෝද සිටිති. සියලු දනෝ ජීවිත කෙළි මඩලේ රඟන නලුවෝ වැනි යැයි ෂේක්ශ්පියර් කී බව මා අසා ඇත. එහෙත් සැබෑ ජීවිතය සඟවා, මුහුණු දමාගෙන රඟන හොරුන් පිළිඹදව සැලකිලිමත් වීමද හෙලා දැකීමද අවශ්‍යය. මක් නිසාද, නළුවන් සමග රගන්නට කාලය කා දැමීමට වඩා සැබෑ නලුවන් රගන නිර්මානයක් බැලීම උතුම් යැයි මම සිත්න නිසාය.
තටු ලැබුනු ගෙම්බෙක්ට පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙන ජීවිතය | How Flying Frog Watching, Hear Feel and Think the World
Tuesday, June 25, 2013
දුකනම් කිමැයි පවසනු මට සිනහ නගා
ජීවිතයේ බොහෝ දුක් කම් කටොලු පිරී තිබුනද, විටෙක ආපසු හැරී බලන විට දුකම කොතරම් මිහිරිදැයි සිතේ. දුකෙන් පිරි ජීවිතය, පෙණ පිඩු නගා, දිය ඇලි සදා, ගල් පර මතින් බැස නෙත් සිත් වශී කරමින් ගලා යන ගංඟාවක් වැනිය.කිසිදු විටෙක දුකින් තෙත් නොවුනු ඇස් කුමකටද?
කොතරම් දුක් පැමිණියද සියල්ල සිනහවෙන් යටපත් කර ගෙවන ජීවිත් කොයි තරම් සුන්දරද? ඒ සඳහා කොයි තරම් ශක්තියක් මට තිබේදැයි නොදනිමි....
එහෙත් එසේ කිරීමට මම බොහෝ විට උත්සාහ කරමි
කොතරම් දුක් පැමිණියද සියල්ල සිනහවෙන් යටපත් කර ගෙවන ජීවිත් කොයි තරම් සුන්දරද? ඒ සඳහා කොයි තරම් ශක්තියක් මට තිබේදැයි නොදනිමි....
එහෙත් එසේ කිරීමට මම බොහෝ විට උත්සාහ කරමි
Friday, April 26, 2013
ගස ඇහැළයි කියන්නී
සුළං
හමන ලතාවටයි
අතු ඉති
නැමුනේ
හිමිදිරියේ
සුබාවටයි දළු
කොළ දිලුනේ
ගහේම
වාසනාවටයි මල්
වැල් ඇදුනේ
මගේම
වාසනාවටයි නුඹ
මට පෙනුනේ
මල්
බරවී තිබෙන්නී
සුලඟට
මල් නටන්නී
නෙත්
සතුටින් පුරන්නී
ගස
ඇහැළයි කියන්නී
නෙත්
සතුටින් පුරන්නී
සුවඳින්
මත් කරන්නී
තාලෙට
පෙති සල්ලනී
විදු
මව් හැඩ
කරන්නී
කැළණිය විශ්ව විද්‍යාලයේ, ශිෂ්‍ය මධ්‍යස්ථානය මැද පිහිටි ඇහැළ ගස....
කලකදී කොළයක්ද නැතිව හිස් අහසට අතු විහිදා හිඳින ඇය, වරෙක ලා දළු නගා විළියෙන් බිම බලා හිනැහේ, මෙසේ මලින් බරවී හිනැහෙන ඇයම, පරිනත කොළද සහිතව කරලින් බරවී තිබෙයි.
විශ්ව විද්‍යාලයට ඈතින් පෙනෙන කඳු පන්ති, මෑතින් ගලන ගංඟා, මල් වතු, ජලාශ ආදී මිහිරි පරිසර නිමැවුම් අවට නැති වුවද, විටෙක මලින් බර වන, විටක අව්වේ වේලෙන මෙවැනි මල් බර ගස් ශිෂ්‍ය පරපුරට ජීවිතය කියා දෙන නිහඬ කවියක් බඳු යැයි මට සිතේ
Sunday, April 21, 2013
සෙනෙහස
"ශිෂ්‍යයෝ මට කරති බුහුමන්
භක්ති ප්‍රේමය ඇත ඔවුන් තුළ
මා කෙරේ මතු නොවේ එලෙසට
ශිල්ප ශාස්ත්‍රය වෙතද දක්වති
ඊට අධිකව භක්ති ප්‍රේමය
භක්ති ප්‍රේමය, ගෞරවය හෝ
කුමක් කීවද ඒ එකක්වත්
නොවේ සෙනෙහස
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නොවේ සෙනෙහස
දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තිබෙන තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස"
ප්‍රේමය පිළිබඳව ලියවුනු මෙම අගනා පබැදුම සදාකාලෙටම පොදු වූ කරුණක් ගැබ් වෙලා තියනවා. මේ වගේ නිර්මාණ වර්තමානයේ අපිට දකින්න නොලැබීම කනගාටුවට කරුණක්. ඒ උනත් මෙම නාට්‍ය කෘති තවමත් අප අතර පැවතීම සතුටු විය හැකි කාරණයක්
ගඟ හා ඔබ
ගඟක්
මුහුදක් කරා නොගොස්
කොහේ
යන්නද?
සැඩ
පරුෂ ගං දිය මුහුදට එක් වන විට
කොයි
තරම් නිසංසලද?
දිය
ඇලි සාදමින්
පෙණ
කැටි නගමින්
අඟර,
දඟර කෙළි කවට සිනා නගමින්
ගමන්
කල ගඟමද මේ?
මුහුදට
එක් වන විට සිල් ගත්තා වගේ
විටෙක
තරහින්ද......විටෙක සතුටින්ද
හඬා
වැටෙමින්ද......සිනා නගමින්ද
ලතවෙමින්.....කැලතෙමින්
හෙමි
හෙමින්......වේගයෙන්
ගඟ
දිය......දහසක් චරිත මවා
මුහුද
හා එක්වී මුහුදම වෙයි....
මමද...එසේ
ඔබ හා එක්වී ඔබම වෙමි
Friday, April 19, 2013
මරණය සහ හිස නැමීම
මරණය සහ හිස නැමීම
ඉක්බිති සියල්ලෝම දේහයට අත ගැසූහ
නෑදෑයොද, යහළු මිත්‍රයෝද, අසල්වැසියෝද
නොනෑයෝද,තරහ කාරයෝද, දුරින් ආ වැසියෝද මේ අතර දුලබ නොවූහ
එහෙත් පුදුමය නම්
මොවුන්ගෙන් බහුතරය..........................ඔහු කිසිදා නොදැන සිටියවුන් වීමයි
ඔහු නැගී සිටින විට ඔහුව පාගා දැමුද, උදව්වක් ඉල්ලන විට ඉවත බැලූද, ඉහලට නගින විට බිමට ඇද දැමූද, ජයග්‍රහණය කල විට කෝපයද, ඊර්ෂියාවද සඟවාගෙන ව්‍යාජ සිනහවෙන් ඔහුට සුබ පතා නැති විට සරදම් කල බොහෝ දෙනෙක් මේ අතර වූහ
දේහයට හිස නැමූ බොහෝ දෙනෙක් ජීවත්ව සිටින විට ඔහුට හිස නොනැමූහ, ඔහු මළ විට හිස නැමූ බොහෝ දෙනෙක් ඔහුට ජීවත්ව සිටි කාලයේ හිස නොනැමූහ.
එහෙත් මරණය විසින් සියල්ලෝම ඔහුගේ දෙපා මුලට ගෙන්වා ඔහුගේ කුණු වූ සිරුර කර මතින් හිස මතින් ගෙන යාමට සැලැස්වූහ
දෙවියන් ඔහුව ඔසවා තමා වෙතට ගෙන්වා ගත් අතර, දෙවියන් ඔහුට හිස නමා ආචාර කල සේක
Wednesday, April 17, 2013
WE LOVE EACH OTHER SO MUCH
We want to separate
Go far away from each other
Bonds between us
Envelop us together
Tightly.....Closely......Strongly.......
I need to leave you
I know....You want to leave me
But.....
Many thing bound us together...
You struggle to leave....
I struggle to leave......
There is no one to stop.....There is nothing to stop us
But we still stick together
Colour.....Race.....Language...... Religion.....
Mean nothing to us
We can not leave.......Although we need it
Because
Once......WE LOVE EACH OTHER SO MUCH..............
Go far away from each other
Bonds between us
Envelop us together
Tightly.....Closely......Strongly.......
I need to leave you
I know....You want to leave me
But.....
Many thing bound us together...
You struggle to leave....
I struggle to leave......
There is no one to stop.....There is nothing to stop us
But we still stick together
Colour.....Race.....Language...... Religion.....
Mean nothing to us
We can not leave.......Although we need it
Because
Once......WE LOVE EACH OTHER SO MUCH..............
Tuesday, April 16, 2013
සියලු සංස්කාරයෝ නැසෙන සුළුය
බලාපොරොත්තු වූ දේ නොලැබීම දුකකි
හිමිව තිබූ බලාපොරොත්තුවක්
අහිමි වීම
දරාගත නොහැකි දුකකි
"සියලු සංස්කාරයෝ නැසෙන සුළුය"
එබැවින්..........
දරා ගත නොහැකි බලාපොරොත්තු ඇතිකර ගැනීම
දුකකි......සැමටම වඩා දුකකි
People & Happiness
People & Happiness
People in this world think everything they earn will make them happy.
People think earn more and more.....create more happiness
People go picnic, for movies, parties, festivals
People sing, dance, do lot of things to achieve happiness
People never believe that their happiness can gain without money
People......People......People......People........
Where is this happiness
People..... try to seek your mind
Then you will see the HAPPINESS
People in this world think everything they earn will make them happy.
People think earn more and more.....create more happiness
People go picnic, for movies, parties, festivals
People sing, dance, do lot of things to achieve happiness
People never believe that their happiness can gain without money
People......People......People......People........
Where is this happiness
People..... try to seek your mind
Then you will see the HAPPINESS
අවුරුද්දක් අවිත් ගියා
අවුරුද්දට හැමෝම භෞතික වශයෙන් සෑහෙන්න අලුත් වෙනව. ගෙවල් දොරවල්ද, අදුම් පැළදුම්ද හැම දේම අළුත් වෙනවා. ඒත් අපි ටිකකට හිතුවොත් අපි මානසිකව අළුත් උනාද මේ අවුරුද්දෙ කියල?
අපි අවුරුදු කාලෙට කොච්චර අලුත් කෑම බීම වලින් බඩ පුරව ගන්නවද?
අපිට බැයිද මේ අවුරුදු කාලෙට අපේ සිතුවිලි ටිකත් අළුත් කරල, මනස ටිකක් අළුත් කෑම වලින් පුරවන්න. අපි සමරන අවුරුද්ද අර්ථවත් වෙන්නෙ එහෙම කලොත් විතරයි කියලයි මට හිතෙන්නේ. නැත්නම් අපි නිකම්ම නිකන් සංස්කෘතික චාරිත්‍ර ටිකක් පිළිපැදපු හිස් මිනිස්සු විතරයි
එහෙම අයගේ අවුරුද්ද හරියට රතිඤ්ණ්ඤා කරලක් වගේ තමයි. සෑහෙන්න සද්දයක් දාල පිපිරුවට අතුල හිස්.
Subscribe to:
Posts (Atom)


