සෙනෙහෙන් හිස අත ගාමින් ලඟ උන්න
මුදු බස් තෙපලමින් ඔබෙ ගුණ ගී හඬ දුන්න
සිරියහම ඇත වී අමු සොහොනක්ව
වැතිරී නිදමි මම එහි මළ මිනියක්ව
කිරිසුවදැති මුව ඉහලට විදාලා
නෑසෙන බසින් පුතු මගේ කන් සිසාරා
හඬදී අසයි කොහිදැයි ඔබ කියාලා
සුළඟක වෙලී හෝ එනු මා සොයාලා
නොහැකිය හිමියනේ මට පුතු හැර එන්න
විදිනා කටුක දිවිමග ඔබ හා යන්න
නොහැකිය ඔබට මෙන් කම්පා නොම වෙන්න
ඔබහට පිදූ පෙම ඇත මට සැනසෙන්න
දුවවිත් දිනෙක මගෙ පා මුල වැටීලා
තෙමමින් දෙනෙත් කඳුලින් හිස ඔබාලා
කිසිදා නැවත තනි නොකරමි කියාලා
පවසනු ඉතින් ඔබෙ හිමි මම කියාලා
තටු ලැබුනු ගෙම්බෙක්ට පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙන ජීවිතය | How Flying Frog Watching, Hear Feel and Think the World
Monday, April 28, 2014
Tuesday, April 22, 2014
අපි කපා ගන්නා අපේ වල
තාක්ෂණය ඉතා වේගයෙන් ස්වභාවික ලෝකයත්, ස්වභාවික මිනිස් හැසිරීම් රටාවත් වෙනස් කරමින් ගමන් කරයි. මිනිසාට, තමා මිහිතලය මත වෙසෙන සතෙක් නොවන වග පසක් වන තරමටම තාක්ෂණය ඔහුව වෙනස් කර ඇත. අවශ්‍යතාවල වල අන්තයක් මීනිසාට නොපෙනෙන තරමටම මිනිස් අවශ්‍යතා සංකීරණ වී ඇත. එසේම වැඩ පහසු කර ගැනීමේ අන්තයක් සොයා ගැනීමට බැරි වන තරමට මිනිසා තම වැඩ කටයුතු පහසු කර ගැනීමට යත්න දරයි. මේවායේ අවසාම ප්‍රථිඵලය, මිනිසා සතුටු කිරීමට සහ ඔහුගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට, සියලු ජීවීන් සඳහා පවතින සම්පත් තනි ජීවී විශේෂයක් අණසකට නතු වීමයි. එහෙත් සොබා දහම කිසිදු නිර්මාණයක, රටක, ජාතියක,ජීවී විශෙෂයක සීමා මායිම් නොතකා තමාගේ ගතික ස්වභාවය පවත්වාගෙන යයි. මෙම සමතුලිතතාවය බිඳුනු පසු එය නැවත සකස් කිරීම සඳහා මුග්ධ මිනිස් ප්‍රජාව දරන කිසිදු උපක්‍රමයක් ඔහුගේ පැවැතමට හේතු නොවනු ඇත.
ලෝකයේ කවර රටක් වුවද වර්තමානයේ මෙහෙයවනු ලබන්නේ දේශපාලනයට වඩා ආර්ථිකය විසිනි. මිනිසා විසින් තමාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමටත් වඩා මුදල් ඉප්යීමටත්, මුදල් ගබඩා කොට වත්කම් තර කර ගැනීමටත් පෙලඹීම පුදුම සහගතය. රටවල් තවත් රටක් දෙසට දිගුකරන දෑතත්, දිගු කරන අවියත් යන දෙකම මෙම මුදල් මත පදනම් වීම ඇති අතර වර්තමානයේ රටවල් අතර පවතින විවිද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලටද යුද ගැටුම් වලටද හේතු වී ඇත.
වර්තමානයේ රටවල් අතර පවතින විවිද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලටද යුද ගැටුම් වලද නොපෙනෙන බලවේගය වන්නේ මුදලයි.
මිනිසා ස්වභාවික ලෝකය සමග මුදලින් ගනුදෙනු නොකරන නමුත්, ස්වභාවික ලෝකයෙන් තම අසීමිත ආශාවන් සපුරා ගැනීමට භාවිත කරන සියලුම ස්වභාවික ලෝකයේ දායාදයන් මුදලින් තක්සේරු කරයි.එසේම ඒ සඳහා තම වර්ගය මරා දැමීමත්, මුලා කිරීමත් සිදු කරයි.
දේශපාලනය මුදල් ඉපයීම සඳහා අවියක් ලෙස යොදා ගනිමින්, මිනිසා විසින් මිනිසා මතම හෙලනු ලබන විනාශයේ අන්ධකාරය, ඒ සඳහා වග කිව යුතු සහ ඒ පිළිබඳව කිසිවක් නොදන්නා අසරණ ජීවීන් රාශියකටද විනාශය ගෙන එනු ඇත. සාමූහයක් වශයෙන් මිනිසා තාක්ෂණයේ ආශ්චර්යය බෙදා ගනිමින් සුවය ලැබූවද, ස්වභාවිකත්වයෙන් ඈත්වීමෙන් මිනිසා ලබන ප්‍රථිඵල බෙදා ගැනීමට ඔහුට නොහැකි වනු ඇත.වර්තමානයේ අප කිසියම් පීඩාවකින් සිටීනම් එය අපගේ වර්ගය විසින්ම ඇති කර ගත්තක් විනා පිට සක්වලකින් හෙලනු ලැබූ නරකක් නොවේ. අප සැබැවින්ම අපගේ අතිශය පීඩාකාරී අනාගතය තනමින් සිටී. එයට අකමැත්තෙන් වුවද දායක වී සිටීමට ගෙම්බාටද සිදුවී ඇත.
එතෙක් ඔබ ලඟ ඉන්න
තව ටිකයි
සමුගන්න
එතෙක් ඔබ මෙහි ඉන්න
කාටවත් නොපෙනෙන්න
ඔබ සිනා නංවන්න
ඇස් වලින් කතා කර
මට සතුට ගෙන එන්න
කාටවත් ඇහෙන්නැති
ලෙසින් ගී මුමුනන්න
අයෙමත් නෙත් යොමා
හොරෙන් ඔබ හිනැහෙන්න
රහසෙන්ම ඔබ එන්න
මගෙ සිහින වල ඉන්න
මගෙ ලගින් සැතපෙන්න
මගේ දෙව් දුව වෙන්න
නික්ම යන තෙක් ඉතින්
මෙලෙස ඔබ ලඟ ඉන්න
මද සිනා නන්වන්න
නෙත් වලින් හිනැහෙන්න
වෙනවෙලා යන දිනෙක
හෙමින් මට නෑසෙන්න
ආදරෙයි කියා මට
නික්මිලා ඔබ යන්න
ලඟ උනත් දුර වගේ...දුර උනත් ලඟ වගේ
ලඟ ඉන්න ඔබ මගේ...සුවඳ දෙන මල වගේ
Monday, April 21, 2014
ඔබ ආවා
සියලු දොරවල් විවර කරගෙන
බලා උන්නා මම ගොඩක් කල්
හෙමින් හෙමින් අඩි තිය තිය
ඔබ ආවා ඈත ඉදන්
කල්ප අන්ත මහා මේඝ
අතර මැදින් ඔබ ආවා
වියලි දෙපා පැලී හඬන
පොළව දැවී ගිනියම් වුණ
පිපාසිතව මිය යන මේ
කතර මැදින් ඔබ ආවා
සිනා සලන
හඬා වැටෙන
සහසක් වග වලසුන් මැද
තනිවී හිඳ බොහෝ කලක්
හෙමින් හෙමින් ඔබ ආවා
කාම රාගයෙන් තෙත්වුන
ද්වේශ වේගයෙන් රත් වුන
මෝහ මාලිගාවල සිඳ බිඳ
මගේ ලොවට ඔබ ආව
බලා උන්නා මම ගොඩක් කල්
හෙමින් හෙමින් අඩි තිය තිය
ඔබ ආවා ඈත ඉදන්
හැම අතින්ම විදුලි අකුණු
මහා මේඝ පුපුර පුපුරකල්ප අන්ත මහා මේඝ
අතර මැදින් ඔබ ආවා
වියලි දෙපා පැලී හඬන
පොළව දැවී ගිනියම් වුණ
පිපාසිතව මිය යන මේ
කතර මැදින් ඔබ ආවා
සිනා සලන
හඬා වැටෙන
සහසක් වග වලසුන් මැද
තනිවී හිඳ බොහෝ කලක්
හෙමින් හෙමින් ඔබ ආවා
කාම රාගයෙන් තෙත්වුන
ද්වේශ වේගයෙන් රත් වුන
මෝහ මාලිගාවල සිඳ බිඳ
මගේ ලොවට ඔබ ආව
යලිත් නොයන
ලෙසට මෙතන
මාත් සමඟ නතර වෙන්න
සංසාරේ ඉතුරු ටිකත්
මාත් එක්ක එකට යන්න
ගොඩක් මතක පොදි බැදගෙන
ඔබ ආවා මගෙ හෙවණට
Saturday, March 1, 2014
පහනට වැඩිය මෙරු
අඳුර ඉරාගෙන
සතුට හොයාගෙන
ඇදී ඇදී යන
නව ජීවිත
එළිය දමාගෙන
ලොවම දවාගෙන
නැගී නැගී එන
ගින්දර
නැගී
නැගී
රඟ දිදී ඉඳී
වෙලී වෙලී ගත
(___________) දවා නිමී යයි
හිනා වෙවී රඟ දුන්
සතුට සොයා ආ
නව ජීවිත
සතුට හොයාගෙන
ඇදී ඇදී යන
නව ජීවිත
එළිය දමාගෙන
ලොවම දවාගෙන
නැගී නැගී එන
ගින්දර
නැගී
නැගී
රඟ දිදී ඉඳී
වෙලී වෙලී ගත
(___________) දවා නිමී යයි
හිනා වෙවී රඟ දුන්
සතුට සොයා ආ
නව ජීවිත
Friday, February 21, 2014
මකා දමා නික්ම යන්න
තැබූ සියලු පා සටහන්
සිතුවිලි වැලි තලාවේ
මකා දමා නික්ම යන්න
මගේ ලෝකයෙන්
ඈත එපිට ක්ෂිතිජ ඉමේ
හිරු මුහුදේ ගිලී ගොසින්
අඳුරට ඉඩදී මිය යන
හැන්දෑවේ
මෑත සුමුදු වෙරළ කොනේ
රළ පිට රළ මතුව ඇවිත්
සියලු සිහින මකා දමන
හැන්දෑවේ
හිරුත් සමග අදුරෙ වෙලී
මම තනිවම මිය යන්නම්
රළත් සමග දියෙහි ගිලී
මම මතකෙන් දුරු වෙන්නම්
හෙමෙන් හෙමින් පා ඔසවා
මතකය අරගෙන ඔබගේ
නිකම යන්න මා තනිකර
ඔබ පතනා හෙට දවසට
සිතුවිලි වැලි තලාවේ
මකා දමා නික්ම යන්න
මගේ ලෝකයෙන්
ඈත එපිට ක්ෂිතිජ ඉමේ
හිරු මුහුදේ ගිලී ගොසින්
අඳුරට ඉඩදී මිය යන
හැන්දෑවේ
මෑත සුමුදු වෙරළ කොනේ
රළ පිට රළ මතුව ඇවිත්
සියලු සිහින මකා දමන
හැන්දෑවේ
හිරුත් සමග අදුරෙ වෙලී
මම තනිවම මිය යන්නම්
රළත් සමග දියෙහි ගිලී
මම මතකෙන් දුරු වෙන්නම්
හෙමෙන් හෙමින් පා ඔසවා
මතකය අරගෙන ඔබගේ
නිකම යන්න මා තනිකර
ඔබ පතනා හෙට දවසට
Tuesday, February 18, 2014
ප්‍රථම ප්‍රේමය
සිහිනෙකට
ඇවිත් නුඹ
හෙමින් සක්මන් කරයි
මගේ සිතුවිලි අතර
එහෙත් මගෙ හිත කොනක
නතර වී එක තැනක
බලා හිඳිනා ප්‍රථම
ආදරේ ඔබ නොවෙයි
අතීතේ යම් දිනෙක
නාඳුනන මලකට
පෙම් කලෙමි රහසින්ම
ලොවටත් ඔබටත් රහසින්ම
අයිති නොවනා වගත්
නොලැබෙනා මුත් ආදරය බිඳක් වත්
දැන දැනම
පෙම් කලෙමි
සුවඳ විඳිමින් මම
ලස්සන මලකට
පිය නඟා ඔබ හෙමින් ඇවිත් මඟෙ සිහිනයට
ඉවත යන්නට කියයි මගෙ ප්‍රථම ප්‍රේමයට
එහෙත් මුල් ඇදී නැඟි මහ වන්ස්පතියෙක් ලෙසට
ප්‍රථම ආලය හිඳී හිත් කොනක සදහටම
ඇවිත් නුඹ
හෙමින් සක්මන් කරයි
මගේ සිතුවිලි අතර
එහෙත් මගෙ හිත කොනක
නතර වී එක තැනක
බලා හිඳිනා ප්‍රථම
ආදරේ ඔබ නොවෙයි
අතීතේ යම් දිනෙක
නාඳුනන මලකට
පෙම් කලෙමි රහසින්ම
ලොවටත් ඔබටත් රහසින්ම
අයිති නොවනා වගත්
නොලැබෙනා මුත් ආදරය බිඳක් වත්
දැන දැනම
පෙම් කලෙමි
සුවඳ විඳිමින් මම
ලස්සන මලකට
පිය නඟා ඔබ හෙමින් ඇවිත් මඟෙ සිහිනයට
ඉවත යන්නට කියයි මගෙ ප්‍රථම ප්‍රේමයට
එහෙත් මුල් ඇදී නැඟි මහ වන්ස්පතියෙක් ලෙසට
ප්‍රථම ආලය හිඳී හිත් කොනක සදහටම
Friday, February 14, 2014
මටම අහිමි සෙනෙහෙ වැස්ස
හිරු අවුලයි දස දෙසම
වෙහෙස දැනෙයි මග දිගට
හැරී බලමි මම නැවත
ඔබ ඇත සිතිවිලි අතර
වෙහෙස දැනී ගිමන් හරින
ගිනියම් වූ විරාමයක
මද පවනක් විලස පැමිණ
නිවා දමයි මගේ වෙහෙස
පවස දැනී දැවෙන විටෙක
දිය පොදකුත් අසල නොමැත
මහා අසනි වැස්ස විලස
ඔබ පැමිණෙයි මගේ සිතට
තනිකම විත් වෙලෙනා විට
දහසක් මනු සත් කැල මැද
ඔබ ඇවිදින් මගේ ලගට
වෙලා ගනියි මා රහසෙම
ගිමන් නිවන සුළන් රැල්ල
පවස නිවන අසනි වැස්ස
තනිය මකන සිහින වැස්ස
මටම අහිමි සෙනෙහෙ වැස්ස
වෙහෙස දැනෙයි මග දිගට
හැරී බලමි මම නැවත
ඔබ ඇත සිතිවිලි අතර
වෙහෙස දැනී ගිමන් හරින
ගිනියම් වූ විරාමයක
මද පවනක් විලස පැමිණ
නිවා දමයි මගේ වෙහෙස
පවස දැනී දැවෙන විටෙක
දිය පොදකුත් අසල නොමැත
මහා අසනි වැස්ස විලස
ඔබ පැමිණෙයි මගේ සිතට
තනිකම විත් වෙලෙනා විට
දහසක් මනු සත් කැල මැද
ඔබ ඇවිදින් මගේ ලගට
වෙලා ගනියි මා රහසෙම
ගිමන් නිවන සුළන් රැල්ල
පවස නිවන අසනි වැස්ස
තනිය මකන සිහින වැස්ස
මටම අහිමි සෙනෙහෙ වැස්ස
Saturday, February 8, 2014
සිරිපා කරුණාවේ.... කඳුලක් නැගුනාවේ
යාළු මිත්‍රකම් ජීවිතයකට අවශ්‍ය වටිනා මිනිස් සම්බන්ධතාවක්. සමහර විට අපේ ජීවිත වල ගෙදර අය නොදන්න දේවල් නොකියන දේවල් යාළුවන්ට කියනවා (අනික් අය මම දන්නේ නෑ මටනම් එහෙම තියෙනවා)
ඉතින් මගේ හොඳ යාළුවෙක් එක්ක මම සිරීපාදෙ යන්න හිටියා. ඒත් යාළුවා සිරීපදේ ගියා, මට යන්න බැරි වුනා. මට මේ ගැන හරිම කනගාටුවක් ඇති වුනා. යාළුව එක්ක මම තරහ වුනේ නෑ. මම මේ ගැන හිතන කොට ලොකු කණගාටුවක් ඇති වුනා, ඒ ආව ආවේගෙට මම කවි පංතියක් ලිව්වා.
සැප දුක දෙකේදිම නොහැරම මම උන්නා
නුඹේ දුකට මගෙ දෑසත් තෙත් වෙන්නා
හදවත නැගුනු ගින්දර බෑ වාවන්ටා
සකිසඳ මා අතැර මහගිරි දඹ යන්නා
මගෙන් නොදැනිවත් වරදක් උනාදෝ
පෙර පින් මදිව මා අමතක උනාදෝ
අත්වැල ලිහී මග වැරදී ගියාදෝ
සිරිපා පියුම ලඟ නුඹ තනි වුනාදෝ
කන්ද උඩින් ඉර සිරිපා වඳින කොට
පෙරදිග අහසෙ නැගෙනා සුදු වලා මැද
නෙක පාටින් හැඩ වැඩ කර අහස මත
මගෙ දුක් ගීය බලපන් හිමිදිරියෙ හෙට
තරහක් නැතත් කඳුලක් නෙතඟින් එබුනා
සීතල සුළඟ මැද මට තනිකම දැනුනා
දෑතම එකතු කර ගමනට සුභ පැතවා
නුඹ හා සමඟ කරුණාවට පින් පැතුවා
නැගෙන හිරින් ඉර සේවය කරනවද
සමනලයෝ මුනි සිරිපා වදිනවද
සිහිල් වලා මත තනිකම දැනෙනවද
මා සිහිකර නුඹ සිරිපා වදිනවද
නැගෙනහිරින් ඉර සේවය කරන කොට
සමනල තටු වලින් සිරිපා වැහෙන කොට
පතුලට හිස තබා බුදු පා වදින කොට
මාවත් සිහි කරපන් සකිසඳුනි හෙට
Tuesday, February 4, 2014
කවුද ඡන්දෙ ඉල්ලන්නේ?
දේශපාලනය කරන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන එක පිළිබ්ඳව කාට උනත් පැහැදිළි අවබෝදයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. මට උනත් එහෙම අවබෝධයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. නමුත් ඕනම ක්ෂේත්‍රයක යෙදෙන්න නම් (සාර්ථකව සහ ඵලදායීව යෙදෙන්න ) ඒ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනීමක් අවශ්‍යයි කියලනම් මම දන්නවා. මේ දැනීම කියන එකෙන් මම අදහස් කළේ පොත් කට පාඩම් කරල ගත්ත උපාධියක් නෙමෙයි, සමහර විට කාලයක් තිස්සේ පොත පත කියවලා, දක්ෂ නමක් දිනා ගත්ත පිරිසක් යටතේ වැඩ කරලා උනත් යම් ක්ෂේත්‍රයක දැනීමක් ලබා ගන්න පුළුවන්. ලංකාවෙ කලා කරුවන් බොහෝම දෙනෙක් ඒ සම්බන්දව ගත්ත උපාධියක් නැති උනත් මම කිව්ව දෙවනි ක්‍රමයෙන් ක්ෂේත්‍රයේ නමක් රදව ගත්ත අය.
මුල් කාලයේදී (මම අදහස් කරන්නේ නිදහස ලබා ගත්ත මුල් කාලේ ) දේශපාලනය කලේ ඒ සම්බන්දව යමක් කමක් දන්න කියන ඉගෙන ගත්ත උගත් පිරිසක්. හැබැයි ඔවුන් කරපු වැරැද්ද තමයි ඒ කාලේ බිහි කරපු උන්ගේ පැටව් ටිකට මේ ශික්ෂණය හරිහැටි කියා නොදුන්න එක. අන්න ඒ වැරැද්ද නිසා ඊට පස්සේ බිහිවුන දේශපාලඥයන් ජනතාවගෙන් බැනුම් අහන, හොඳක් කලත් නරකක් කලත් නරකටම පේන පිරිසක් බවට පත් වුනා. නිදහස් ආර්ථිකයත් එක්ක සල්ලි පස්සෙ දුවන සමාජයේ ලොකුම මැරයො, දූෂිතයෝ, අපරාධ කාරයො, වංචාකාරයො, ස්ත්‍රී දූෂකයෝ,කලු කඩ මුදලාලිලා, පරිසර විනාශයේ පෙරගමන්කරුවො, සංස්කෘතික සෝදාපලුවේ දිය දහරාව වුනේ මේ කියන දේශපාලඥයො තමයි. ඒ විතරක් නෙමෙයි, සත් ගුණවත් දායකයා, පින්වත් උපාසකයා, සුදු රෙදි අඳින චරිතවත් නායකයා, දේශප්‍රේමියා, සංස්කෘතික පරමාදර්ශය, පරිසරයේ ආරකෂක, ජනහිතකාමී නායකයා කියන චරිතයක් හිමි උනේ මේ දේශපාලඥයන්ටම තමයි.
ජනතා පරමාදිපත්‍ය කිව්වට ඒක දැකපු කෙනෙක් ඉන්නවයි කියල මම හිතන්නේ නෑ. ඒත් එකෙන් මේ දේශපාලඥයන් මෙල්ල කර ගන්න පුළුවන් කියල මම හිතනවා. මිනිස්සු මේ දේශපාලඥයන්ගේ හොඳ නරක සේරම දැන ගෙනත් අයෙ අයෙත් එකම හරක් රැළක් පත් කර ගන්නේ අපේ මිනිස්සුගේ සාක්ෂරතාව වැඩි හින්දයි කියලා මම හිතන්නේ.
විවිධ අංශ වලින් වෘත්තීය දකශතා සහිත පුද්ගලයෝ, එම වෘත්තියේ ඉහලටම ගියහම, නැත්නම් නමක් හදා ගත්තාහම දේශපාලනේට එන එක දැන් මෝස්තරයක් වෙලා. මේක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ වෙනත් රටවල් වල උනත් දකින්න හම්බෙන ප්‍රවනතාවයක් වෙලා. මම කියන්නේ නෑ මේක වැරදියි කියලා. මෙහෙම ඇවිත් සාර්ථක දේශපාලන ගමනක් යන මිනිස්සු නැත්තෙමත් නෑ. ඒත් මිනිස්සු මේක දකින විදිහෙ මොකක් හරි අවුලක් තියනවා.
උදාහරණ්යක් විදිහට ලංකාවේ නම ගිය වන්චාකාරයෙක්(පිරිමි කෙනෙක් ) ඡන්දේ ඉල්ලුවා තමන්ගේ උපන් ගමවත් නොවන දිස්ත්‍රික්කෙකින්. මිනිහට දිස්ත්‍රික්කෙන් මුල් තැනක් එක්ක පාර්ලිමේන්තුවටත් ගියා. ඒත් චිත්‍රපට නිලියක් ඡන්දෙට ගියහම එයගේ රඟපෑම් ගැන තමයි මිනිස්සු කතා කරන්නේ. අඩු ගානේ මේකි රඟපාපු චිත්‍රපටියවත් දැකල නෑ, දැකල තියෙන්නේත් පොඩි පොඩි කෑලි ටිකක් විතරයි, අනික රඟ පෑම ගැන කතා කරන්නේ ඡන්දෙට ඉල්ලපු නිසා. රගපාන කාලෙවත් මේ නිළියෝ ගැන කතාකරපු පන්ඩිත් උතුමන්වහන්සේලා ඡන්දෙට ඉල්ලුවහම නිළියන්ගේ රඟ පෑම, ඇඳුම් පැලඳුම්, සම්බන්දතා ගැන කතා කරනවා. මම හිතන්නේ අපි මෙතනදි පහර ගහන්න ඕන ඔවට නෙමෙයි, මම මුලින් කිව්ව වගේ දේශපාලනයේ මොවුන්ගේ තියන් හැදෑරීමේ දිග පළලටයි අපි පහර ගහන්න ඕන. එහෙම නැත්නම් තියෙන අලයක් තම්බගෙන කාල, පෙරසේ ගොඩක් හිනාවෙන මී හරක් රැලක් මේ පාරත් පත් කර ගන්න කතිර 3ක්ම ගහන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)




